Saturday, September 30, 2023

නාකි බැඩ්මින්ටන් තරගාවලියට ගිය අපෝන්සු කොරියාවේ ගල් වෙලා.!


පසුගියදා කොරියාවේ පැවති නාකි බැඩ්මින්ටන් තරගාවලියට ගිය රොහාන් ප්‍රනාන්දු ප්‍රමුඛ නාකි බැඩ්මින්ටන් කණ්ඩායම ආපසු ලංකාවට පැමිණෙද්දී එක් ක්‍රීඩකයකු කොරියාවේ ගල් වී ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.


මෙසේ ගල් වී ඇත්තේ නොටෝරියස් ඉතිහාසයකට උරුම කම් කියන පුහුණුකරුවකු වන අපෝන්සු නමැත්තෙක්. 


ජාතික පුහුණුකරු ලෙසද කටයුතු කර ඇති මොහු මීට පෙරද සංචාර කිහිපයකදීම නොයෙකුත් විෂමාචාර ක්‍රියා හේතුවෙන් නෝන්ඩි වූ අයෙක් වෙනවා.


එවැනි චෝදනා රැසක් තිබියදී බැඩිමින්ටන් සභාපති රොහාන් ගේ විශේෂ අනුග්‍රහය ලබමින් සිටි මොහු මෙවර නාකි බැඩ්මින්ටන් තරගාවලියටද ගොස් ඇත්තේ රොහාන්ගේ අනුග්‍රහයෙන් බව වාර්තා වෙනවා. 


රොහාන්ගේ ලේකම් වරියක් හා ඇගේ සැමියාද මෙම සංචාරයට එක්වූ අතර ඔවුන්ගේද අරමුණ වී තිබුණේ සංචාරය මැද කොරියාවේ ගල් වීම වුවත් 

Lankasportnews මේ පිළිබඳ කලින්ම කරන ලද හෙළිදරව්ව නිසා එම අදහස අත් හැර දමා ඇති බව එම සංචාරයට එක්වූ ක්‍රීඩකයෙක් අප සමග පැවසුවා.


මෙම නාකි බැඩ්මින්ටන් තරගාවලියට හරි හැටි බැඩිමින්ටන් ගැසිය නොහැකි මන්ත්‍රී වරයකුද සහභාගි වී ඇති අතර ඔහු අන්ත පරාජයක් ලබා තිබෙනවා.


එක් හිටපු ජාතික ශූරියක හැර අනික් සියලුම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අජූත ලෙස පරාද වී ඇති මෙම සංචාරය අතිශයින්ම අසාර්ථක සංචාරයක් බවට පත්ව තිබෙනවා. 


අපෝන්සු ක්‍රීඩකයා කොරියාවේ ගල් වූ පුවත රහසක් ලෙස තබා ගන්නා ලෙස සභාපති රොහාන් සංචාරයට ගිය සැමටම උපදෙස් දී ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.


පෙර ලිපි

නාකි බැඩ්මින්ටන් තරගාවලියට අයියාගේ පුතාගේ බිරිඳත් යයි

රොහාන්ගේ සහායෙන් චන්ද්‍රිකා නාකි බැඩ්මින්ටන් වලට අයියාගේ පුතාත් යවයි


1 comment:

  1. ඉතිං උඹලත් පලකෝ අනුන්ට මඩ ගහන්නේ නැතුව

    ReplyDelete