ආසියානු ක්‍රිකට් සම්මේලනයේ සභාපති ජේ.ෂා ළඟදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුව තිබෙනවා. ඔහු සමග ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වාත් ගිහින් තිබෙනවා.
මෙහිදී සිදුව ඇත්තේ සුහද කතා බහක් බවයි lankasportnews වෙත වාර්තා වන්නේ.
මේ පුද්ගලික හමුව ගැන ජනපති මාධ්‍ය ඒකකයෙන් හෝ කිසිදු නිවේදනයක් නිකුත් නොකළ අතර දෙරණ හා අරුණ හැර වෙනත් කිසිදු මාධ්‍යයක වාර්තා කළේ නැහැ.
නමුත් දෙරණ හා අරුණ මෙය වාර්තා කළේ රටේ ජනපති හමුවේ මේ ඉන්දියන් කාරයා ක්‍රිකට් වලට අත තිබ්බොත් බලාගෙනයි යනුවෙන් තර්ජනයක් කළ බවටයි.
පුදුමයට කරුණ නම් දෙරණටත් අරුණටත් පමණක් මෙය විශේෂ පුවතක් වුණේ කොහොමද යන්නයි.
පහුගිය විස්සයි විස්සේ ලෝක ශූරතාවට මිලියන එකහමාර බැගින් දී ඕස්ට්‍රේලියාවට යවන ලද හා ක්‍රිකට් පඩි ලැයිස්තුවේ සිටින මාධ්‍යවේදීන් දෙදෙනෙක් සිටින මාධ්‍ය ආයතනයකට මෙවැනි විශේෂ පුවත් මැවීම එතරම් අරුමයක් නොවන බවයි අපට වාර්තාවන්නේ.
එසේම එම තරගාවලියේ සියලුම ගුවන් ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ටෙන්ඩර් කැඳවීමකින් තොරව ලබා දී තිබුණේද දිලිත්ගේම ජෝජ් ස්ටුවට් ආයතනයට බවද අමතක නොකළ යුතුයි.
පෙර සබැඳි ලිපි
ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න ක්‍රීඩා මාධ්‍යවේදියෝ මෙන්න
ක්‍රිකට් ආයතනයේ හොරකම් වහන තව මාධ්‍යවේදීන් ඉන්නවා - ක්‍රිකට් විධායක නිලධාරියෙක්ම කියයි
No comments:
Post a Comment