කොච්චර නෑවත් වෙනස් නොවෙන තේරීම් කමිටුවක්
ප්රමෝද්ය වික්රමසිංහගේ සභාපතිත්වයෙන් යුත් ක්රිකට් තේරීම් කම්ටුව යනු පසුගිය කාලයේ දැඩි ලෙස විවේචනයට ලක්වූ කමිටුවක් වුවත් ඔවුන් අවුරුදු තුනක් මුළුල්ලේ මේ දක්වා ක්රීඩා ඇමතිවරයාට පින් සිදු වන්නට යහතින් රැඳී සිටීම ක්රිකට් ලෝලීන්ගේ අප්රසාදයට ලක්ව තිබෙනවා.
දේශීය තරග නරඹන්නටවත් නොයන මෙම තේරීම් කමිටුවේ ප්රමෝද්ය,කළුවිතාරණ හා හේමන්ත යන තිදෙනා මාරුවෙන් මාරුවට කණ්ඩායම සමග සංචාර වලට යාම නම් නොඅඩුව සිදු කරන බව ක්රීඩකයන් පවසනවා.
නම සඳහන් කිරීමට අකැමැති වූ එක් ක්රීඩකයකු පැවසුවේ කණ්ඩායමේ අතිරේක ක්රීඩකයකු ලෙස හෝ නම් කිරීමට මොවුන් තරග දීමනාවෙන් 50% ක් ඉල්ලා සිටින බවයි.
එසේ දීමට ඇකැමැත්ත ප්රකාශ කළ ක්රීඩකයන් කපා දමන බවත් ඔහු lankasportnews වෙත පැවසුවා.
මේ එක් අයකු ක්රීඩකයන් අමතන්නේ බල්ලන්ට මෙන් බවත් ඔහු වැඩිදුරටත් පවසනවා.
මේ අතර ආසියානු කුසලාන ක්රිකට් තරග අතර තුර ලෝක කුසලාන තරගාවලියට කණ්ඩායම තෝරා ගැනීමට තිබියදී රොමේෂ් කළුවිතාරණ තම රාජකාරිය පසෙක දමමින් මේ දිනවල ඉන්දියාවේ ප්රවීණයන්ගේ ක්රිකට් තරගාවලියට ගොස් තිබෙනවා. මේ සඳහා ක්රීඩා ඇමතිවරයා අවසර දුන්නේද යන්නත් ප්රශ්නයක්.
No comments