ක්රිකට් විධායක සභාවේ ඉහළ පුටු දරණ නිලධාරීන් කිහිප දෙනකු අද හෙටම ඉල්ලා අස්වීමට නියමිත බව විධායක සභාවේම නිලධාරියෙක් lankasportnews වෙත පැවසුවා.
මෙයට හේතුව වී ඇත්තේ විගණකාධිපති වරයා විසින් මේ සතියේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිදරව් වන කරුණු අනුව තමන්ට තව දුරටත් විධායක සභාවේ කලිසමක් හැඳ රැඳී සිටීමට ඔවුන් අකැමැති නිසා බව කියවෙනවා.
ක්රිකට් ආයතනය මගින් දිගින් දිගට සිදු කෙරෙන අයථා ක්රියා හේතුවෙන් තමන්ට හිරේ යාමට නොහැකි බවත් හැකි ඉක්මනින් විදෙස් ගත වීම ඇඟට ගුණ බවත් එක් ප්රධාන පෙළේ නිලධාරියකු එළිපිටම පවසා ඇති බවත් lankasportnews අපේ වාර්තාකරුවකු පවසනවා.
ඉදිරියේ කෝප් කමිටුවට කැඳවුවහොත් රෙදි ගැලවෙන බවත් ඔහු කියා තිබෙනවා. මේ අතර ක්රිකට් ආයතනයේ සේවය කරන නිලධාරීන් කිහිප දෙනකුද වෙනත් රැකියා සොයමින් සිටින බවත් වාර්තා වෙනවා.
පෙර ලිපි
No comments:
Post a Comment