ක්‍රිකට් ආයතනයෙන් පඩි ගන්න ක්‍රීඩා මාධ්‍යවේදියෝ මෙන්න
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මසුරු නැතිව වියදම් කරන තැනක් බව දැන් ප්‍රසිද්ධ කරුණක්. ක්‍රීඩා සමාජ නිලධාරීන්ට, දිස්ත්‍රික් සංගම් නිලධාරීන්ට, නෑයන්ට, ලෝබ නැතිව ලක්ෂ ගණනින් පඩි ගෙවන ක්‍රිකට් ආයතනය දැන් ක්‍රිකට් ආවරණය කරන මාධ්‍යවේදීන්ටත් පඩ් ගෙවන්න පටන් අරන්.
මෙහෙම ඔවුන්ට ගෙවන මාසික පඩි වල ලැයිස්තුවක් lankasportnews වෙත ලැබුණා.
ඇත්තටම මේ අයට ඔවුන්ගෙ ආයතන මගින් ගෙවනු ලබන පඩිය මදි බවට තේරුම් ගත් ක්‍රිකට් බලධාරීන් මොවුන්ට මෙසේ අමතර පඩියක් ගෙවන්න තීරණය කිරීම සතුටට කරුණක්.
එක් එක් කැටගරි වල අයට ගෙවද්දි මාධ්‍යවේදීන්ටත් මෙහෙම සැළකිල්ලක් දක්වන බවක් ආරංචි වෙන්නෙ පළවෙනි වතාවටයි.
මේ පඩි ලැයිස්තුවෙ අය ලියන කියන දේ වලින් ඔවුන් පෙරළා ක්‍රිකට් ආයතනයට තම කෘතවේදිත්වය පළ කරන හැටි හොඳට පේනවා.
ඒ අතින් මෙයාලා කළ ගුණ සලකන හැටි හොඳ ආදර්ශයක්. ඒ හැමෝටම එහෙම කරන්න බැරි නිසයි.
මේ ලැයිස්තුවෙ හතර දෙනෙකුට පහුගිය විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය බලන්න සමාවෙන්න ආවරණය කරන්න යන්නත් එක් කෙනෙකුට මිලියන එකහමාරක් බැගින් ක්‍රිකට් ආයතනය කිසිම ලෝබ කමක් නැතිව දීල තිබුණා.
නිව්ස් ප්ලාන්ට් කිරීමටත් දක්ෂ මෙයින් එක් මාධ්‍යවේදියෙක් පහුගිය දවසක ආසියානු ක්‍රිකට් කවුන්සලේ සභාපති ජනාධිපති තුමන් මුණ ගැහුණු වෙලාවක ඉන්ටරීම් එකක් දැම්මොත් බලාගෙනයි කියල තර්ජනය කළ බවට නිව්ස් එකක් එක්ස්ලූසිව් ගහල තිබුණා.
ඒ නිව්ස් එක ජනාධිපති මාධ්‍ය ඒකකයටවත් හොයා ගන්න බැරි වෙලා තියෙනවා.
මේ නිව්ස් එක ඔවුන් අනෙක් මාධ්‍ය වලටත් දෙන්න බැරි වුණු එක ගැන ඔවුනුත් ඉන්නෙ බයවෙලා බව දැනගන්න ලැබුනා.
ඒත් කට්ටියකට මෙහෙම සළකද්දි ක්‍රිකට් ආයතනයට විරුද්ධව ලියන මාධ්‍යවේදීන්ට ක්‍රිකට් බලධාරීන් වෙන විදියකට සැළකීම කනගාටුවට කරුණක්
එහෙම මාධ්‍යවේදීන් හය දෙනෙකුටම ක්‍රිකට් ආයතනය පඩි නොදී නඩු දාල තිබුණා.
ඒ විතරක් නෙවෙයි ක්‍රිකට් ආයතනයෙ කිසිම දෙයකට එන්න දෙන්නෙත් නැති තරමට ලෝයර්ලගෙ උපදෙස් අරන් තියෙනවා.
කොහොම උනත් මාධ්‍යවේදීන්ට දෙවිදියකට සැළකීමත් හැඳි දෙකකින් බෙදීමත් හරිම නරක වැඩක් බවයි lankasportnews කියන්නේ. අපිට ලැබුණු ඒ පඩි ලැයිස්තුව මෙහි පහලින් දැක්වෙනවා.
සාදි තවුෆික් Rs 75,000
නාමල් පතිරගේ Rs 50,000
ඉන්ද්‍රජිත් සුභසිංහ Rs 70,000
අසාම් අමීන් Rs 50,000
ප්‍රින්ස් ගුණසේකර Rs 50,000
අල්ටාෆ් නවාස් Rs 50,000
ධම්මික රත්නවීර Rs 50,000
යොහාන් භාසුර Rs 40,000
අසංක ද සිල්වා Rs 30,000
විචිත්‍ර වීරසිංහ Rs 30,000
ඉෂ්රත් ඉම්ටියාස් Rs 30,000
No comments