Saturday, September 2, 2023

ජස්වර්ගේ නාම යෝජනාවට අනුමැතිය ලැබුණේ කාගේ උවමනාවටද?


ෆීෆා පාපන්දු තහනමකට ලක්ව තිබූ ශ්‍රී ලංකා පාපන්දුව මාස කිහිපයකට පසු එම තහනම ඉවත් වුවද නැවත වරක් එය තහනම් කරවීම සඳහා පිරිසක් කටයුතු කරමින් සිටින බව හිටපු සභාපති ජස්වර් පවසනවා.

ඔහු මේ බව පැවසුවේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදීයි.


එහිදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසුවා.


" පසුගිය අරගල භූමියේ සිටි ප්‍රධානියෙක් මගෙන් කප්පම් ඉල්ලනවා.ජන්දය දිනවලා දෙන්න ලක්ෂ 30 ක බජට් එකක් දුන්නා.මම ඒවා ප්‍රතික්ෂේප කළා.ඊට පස්සේ ලක්ෂ 30 ලක්ෂ 6 ට කරමු කිව්වා.ඊට පස්සේ හදිස්සියක් කියලා රුපියල් 20,000 ක් එයාගේ බැංකු ගිණුමට දාන්න කියලා කිව්වා.බිරිඳගේ වාණිජ බැංකුවක ගිණුම් අංකයකුත් මට එවලා තිබුණා.මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යනවා.ඒ වගේම නීති උපදෙස් බලාපොරොත්තු වෙනවා."

ජස්වර් මෙසේ පවසන්නේ ඔහු පාපන්දු සභාපති ලෙස කටයුතු කළ සමයේ ඔහුගේ ප්‍රචාරක සගයකු ලෙස කටයුතු කළ ධානිෂ් අලි නමැත්තා ගැන බව lankasportnews අවධාරණය කරනවා.

අරගලය සමයේ රූපවාහිනි සංස්ථාවට කඩා පැන එහි වැඩ සටහන් නැවැත්වීමට කටයුතු කළ ධානීෂ් අලි කප්පම් කරුවකු බව මේ අනුව ජස්වර් විසින්ම පැවසීම සිනහවට කරුණක්.

ජස්වර් සමග මෙවර නිලවරණයේ තරග වැදීමට සිටි පාර්ශ්වයේ නාම යෝජනා ප්‍රතික්ෂේප වුවද ක්‍රීඩා අමාත්‍යාංශයේ දූෂණ මර්ධන ඒකකය මගින් සිදු කළ විමර්ෂණයකදී වරද කරුවකු වූ ජස්වර්ගේ නාම යෝජනාව නිලවරණ කමිටුව විසින් අනුමත කිරීම පාපන්දු ක්ෂේත්‍රයේ නිර්පාක්ෂික බොහෝ දෙනාගේ ව්මතියට හේතු වී තිබෙනවා.

ඔවුන් පවසන්නේ ජස්වර් වැනි අන්ත දූෂිතයකු අවසන් නිලවරණයේදී ක්‍රීඩා ඇමති විසින් අවසන් මොහොතේ තරග වැදීම තහනම් කළේ නම් දැන් ඔහුට අවසර දීමට ක්‍රීඩා ඇමතිවරයා කටයුතු කරන්නේ කෙසේද යන්නයි.

ෆීෆා මගින් ඩොලර් කුට්ටි පිටින් ලැබෙන අවස්ථාවක ජස්වර් දූෂිතයකු යයි චෝදනා කළ හිටපු සභාපති වරයකු වන රංජිත් රුද්‍රිගු හා මනිල් ප්‍රනාන්දු ජස්වර් සමග එක්ව තරග වැදීමද සිනහවට කරුණක් බවත් ඔවුන් පවසනවා.

මේ අතර තවත් හිටපු සභාපතිවරයකු වන අනුර ද සිල්වා හා හිටපු පරිපාලකයකු වන සුනිල් සෙනවීර මෙවර මෙම පාර්ශ්ව දෙකටම සහය නොදී ස්වාධීනව කටයුතු කිරීමත් කැපී පෙනෙනවා.

ප්‍රචාරය වෙනුවෙන් ධානීෂ් අලිට ලක්ෂ 30 ක් ගෙවීම ප්‍රතික්ෂේප කළද ජස්වර් මාධ්‍යවේදීන් පිරිසකට මුදල් ගෙවා තම ප්‍රචාරක කටයුතු කරන බව lankasportnews වෙත වාර්තා වෙනවා.

මේ අතර වෙබ් ලීඩර් කෙනෙකු හා ජනපති කාර්‍යාලයේ සිට වෙබ් අඩවියක් පවත්වාගෙන යන අයකුද සිට්න බව lankasportnews පාපන්දු වාර්තාකරු අප සමග පැවසුවා.

No comments:

Post a Comment