• Breaking News

    ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සභාපතිවරයාට සංගමයෙන්ම විරෝධතා


    ගාල්ල දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය ගාල්ලෙන් අම්බලන්ගොඩට රැගෙන යාමට තැත් කළ එහි සභාපතිවරයාට සභාවෙන් නැගුණු දැඩි විරෝධය හමුවේ යෝජනාව හකුලාගෙන යාමට සිදුවූ සිද්ධියක් lankasportnews ගාල්ල වාර්තාකරු අප වෙත වාර්තා කළා.


    මෙම සභාපතිවරයාද අම්බලන්ගොඩ ප්‍රදේශයේ අයකු වන අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ටෙස්ට් තරග සඳහා ටෙන්ට්,පුටු හා කෑම පැකට් කොන්ත්‍රාත් මගින් ලක්ෂ ගණනක් උපයන්නකු බවද වාර්තා වේ.

    මීට අමතරව තම පුත්‍රයා 19 න් පහළ ජාතික කණ්ඩායමට රිංගවීම සඳහා ඉහළ ක්‍රිකට් බලධාරීන්ට මුට්ට්‍ ඇල්ලීමද ජයටම සිදු කරන්නකු බවද වාර්තා වෙනවා.

    ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගම් කාර්‍යාලය අම්බලන්ගොඩට ගෙන යාම සඳහා අම්බලන්ගොඩ ප්‍රදේශයේ තවත් නිලධාරීන් දෙදෙනෙකුද උත්සාහ කර ඇති අතර ඔවුන් දෙදෙනාටද එල්ල වී ඇති මූල්‍ය අක්‍රමිකතා හා වෙනත් චෝදනා හේතුවෙන් ඔවුන්ට සංගම් රැස්වීමට සහභාගි විය නොහැකි තත්වයක් උදා වී ඇතැයිද අප වාර්තාකරු පවසනවා.

    No comments