නලින් බණ්ඩාර සජබයේ මන්ත්‍රී වරයා කලක් මුළුල්ලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා සභාපති ෂම්මි සිල්වා පාර්ලිමේන්තුව තුළත් මාධ්‍ය හමු තුළත් නිර්දය ලෙස විවේචනය කළ අයෙක්.
වරක් නලින් බණ්ඩාර කියන දේ ගැන මාධ්‍ය හමුවකදී ෂම්මිගෙන් ඇසූ විට " කවිද නලින් බණ්ඩාර කියන්නේ..? මම නම් අහලවත් නෑ..! " යනුවෙන් ෂම්මි උත්තර දුන්නේ නලින් බණ්ඩාර දෙකේ කොළයට දමා නෝන්ඩි කරමින්.
ෂම්මිගේ උත්තරයට මාධ්‍ය ඔස්සේ ප්‍රකාශයක් කළ නලින් බණ්ඩාරද ෂම්මිගේ රෙදි ගලවන බව කීවේය.
දැන් මේ නලින් බණ්ඩාර ඉන්නේ ක්‍රිකට් ගැන මීක් නැති ගානටය.
තමන් අඳුරන්නේ නැති බව කියූ ෂම්මි සමග ලංකා ප්‍රිමියර් ලීගයේ සමාරම්භක දවසේ ෂම්මිගේ ප්‍රසිඩන්ට් බොක්ස් එකේ චියර්ස් කියමින් කරේ අත දාගෙන විස්කිද බීවේය.
මෙහිදී ෂම්මිට හෝ දේසපාලකයකු වන නලින් බණ්ඩාරට විළි ලජ්ජාවක් නැති බව අප දකින්නේ මෙහි ඇති පින්තූරයේ ඔවුන් දෙදෙනාම කලිසමක් හැඳ සිටීම නිසයි.
සජබය තුළ නලින් බණ්ඩාර ක්‍රිකට් බලධාරීන් විවේචනය කරමින් බෙරිහන් දීමේ කටයුත්ත දැන් කරන්නේ හේෂා විතානගේ ය.
ඔහුද වැඩි කලක් යාමට මත්තෙන් නිශ්ශබ්ද වනු ඇතැයි lankasportnews අප විශේෂ වාර්තාකරු පවසනවා.
ක්‍රිකට් ආයතනය හා ෂම්මි විවේචනය කරන පත්තර කාරයන්, ටී.වී.කාරයන්ට එරෙහිව තම අම්මාගේ අප්පාගේ බූදලයෙන් නොව ක්‍රිකට් ආයතනයේම මුදල් කෝටි ගණන් ගෙවා නඩු දමන ෂම්මි නලින් බණ්ඩාර තම සාක්කුවට දා ගත්තේ කෙසේදැයි අප අද හෙළිදරව් කරනවා.
ප්‍රිමියර් ලීගයේ ගාල්ල කණ්ඩායමේ හිටපු කුප්‍රකට අයිතිකරුවන් වෙනුවට මෙවර එය මිළදී ගත්තේ ඕස්ට්‍රේලියාවේ සිටින ශ්‍රී ලාංකිකයෙකි.
එහෙත් එහි සැබෑ අයිතිකරු ඔහු නොවන බවත් එයට මුදල් දමා ඇත්තේ අයිසීසිය තහනම් කොට හෝ පිළිනොගන්නා මොරොක්කෝ හා වෙනත් එවැනි ප්‍රිමියර් ලීග වල ක්‍රීඩා කර අයිසීසිය මගින් බ්ලැක් ලිස්ට් වු ක්‍රීඩකයන් පිරිසක් බව lankasportnews මීට පෙර සත්‍ය තොරතුරු රැසක් හෙළිදරව් කළ ආකාරයට exlusive ලෙස මෙසේ හෙළිදරව් කරනවා.
මෙම ක්‍රීඩකයන් අතර සචිත්ර සේනානායක, අජන්ත මෙන්ඩිස්,මාලින්ද පුෂ්පකුමාර හා එහි පුහුණුකරු ලෙසද කටයුතු කරන චාමර කපුගෙදරත් ඉන්න බව වාර්තා වෙනවා.
මෙම ගණුදෙනුවට නලින් බණ්ඩාරද එක් වෙන්නේ තම සමීප නෑයකු වන සචිත්ර සේනානායක මගින්.
ෂම්මි සමග එක්වී ගාලු පිලේ අනුග්‍රහය ලබා ගැනීමේ කටයුත්තේ වැඩි බරකට නලින් බණ්ඩාර විසින් කරගහ ඇත්තේ මේ හේතුවෙන්.
තරග අතර තුර මේ මිතුරු සමාගම් ක්‍රීඩකයන් රැඳී සිටින හෝටල තුළම සාද පවත්වනු බොහෝ දෙනා දැක තිබෙනවා.මේ අතර නලින් බණ්ඩාරත් සිටිනු ඔවුන් දැක තිබෙනවා.
කෙසේ වෙතත් මීළඟ චන්දය වෙනුවෙන් මිලියන ගණනක් හොයා ගැනීම නලින් බණ්ඩාරගේ අරමුණ වී ඇති බවයි වාර්තා වෙන්නේ.
මුඛයෙන් මෙන්ම අධෝ මුඛයෙන්ද එක ලෙස චතුර ලෙස කතා කිරීමට සමත් තවත් එක් දේසපාලකයකු මෙසේ ක්‍රිකට් සංවර්ධනය වෙනුවෙන් යයි කියමින් ප්‍රිමියර් ලීගයට මෙසේ එක්ව තිබෙනවා.
මේ අස්සේ අයිසීසී ඇන්ටි කරප්ෂන් ලොක්කා ඇලෙක්ස් මාෂල්ද ලංකාවට ඇවිත් ඉන්නවා. ඔහුගේ විමර්ෂණයට ප්‍රිමියර් ලීගයේ බොහෝ තැන් අයත්ව තිබෙන බවත් ගාලු කණ්ඩායමද ඉන් එකක් බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.
No comments:
Post a Comment