• Breaking News

    බැඩ්මින්ටන් සභාපති චමුදිත එක්ක සුදු හුණු ගා ගනියි


    බැඩ්මින්ටන් සංගමයේ සිදු කෙරෙන අක්‍රමිකතා දිගින් දිගටම lankasportnews වෙතින් පෙන්වා දීම ගැන බැඩිමින්ටන් ලොක්කන් කලබල වෙලා බව වාර්තා වෙනවා.


    ජූනියර් ප්ලේයර් ප්‍රමෝෂන් වලට වඩා නාකි බැඩ්මින්ටන් ප්‍රමෝෂන් කරන හැටිත්, සංගමය මගුල් සක්වලක් බවට පත්වී තිබීමත් අප විසින් හෙළිදරව් කිරීමත් සභාපති රොහාන්ට දරා ගත නොහැකිව චමුදිත සමරවික්‍රමට ලක්ෂ දෙකක් ගෙවා ඔහුගේ බිස්නස් යූ ටියුබයේ ඉන්ටර්වීව් එකක් කර ගෙන තිබෙනවා.

    වෙනත් කිසිදු මාධ්‍යයක් නොදකිද්දී අප විසින් හෙළිදරව් කළ කරුණු ගෙන රොහාන්ට බොරු කියමින් බේරෙන්නට ගත් මුදලට හරි යන්න ලස්සනට ඇක්ටින් කළ හැටි අපි බලන් හිටියේ බඩ අල්ලා හිනාවෙමින්.

    මගුල් සක්වලක් බවට පත්ව තිබෙන බැඩ්මින්ටන් සංගමයේ එක් උප සභාපතිවරයකු කනිෂ්ඨ ක්‍රීඩකයකුගේ මව සමග හොර සම්බන්ධතාවක් පවත්වන ගමන් ඇයව නිල සංචාරයක නිලධාරිනියක් ලෙස යවපු හැටි අප හෙළිදරව් කළා.

    ඉන් දින කීපයකට පස්සේ තව උප සභාපතිවරයකුට ළමා අපචාර චෝදනාවක් එල්ල වුණා.

    ඒත් සභාපති රොහාන් ඔවුන්ව බේර ගන්න පුදුම උත්සාහයක් දරනවා. ඒ ඔහුත් පොඩි කෑලි වලට දක්වන ගිජු කම නිසයි.

    තමන් අවංක සේවයක් කරන බව කිව්වත් මෝටර් රේස් පදින එහෙත් කිසිදිනක බැඩ්මින්ටන් ගසා නොමැති තම හිටපු බෑණා නිලවරණයට පෙර තරගාවලි තුන හතරක ක්‍රීඩා කරන්න සළස්වා මෙවර නිලවරණයට උප සභාපති වරයකු ලෙස ඉදිරිපත් කර නිතරගයෙන් පත් කරගත් හැටි ප්‍රසිද්ධ කරුණක්.

    රොහාන්ගේ වැඩ නිසා ඔහුගේ දුව පවා බැඩිමින්ටන් පැත්ත පළාතක නොඑන බවත් ඇත්තක්. මේ දිනවල ලංකාවේ ක්‍රීඩා සංගම් වල ෂුගර් ඩැඩීලා ගැන වැඩියෙන් අහන්න ලැබෙනවා.


    No comments