• Breaking News

    අයිසීසී දූෂණ මර්ධන ලොක්කා ලංකාවට එයි - හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට


    අයිසීසියේ ඇන්ටි කරප්ෂන් ලොක්කා වන ඇලෙක්ස් මාෂල් අද හෙට ලංකාවට එන බව lankasportnews වාර්තා කරනවා. මෙදා පොටේ ඇලෙක්ස් ලොක්කා එන්නේ හොඳකට නොවන බවත් ඔහුගේ හදිසි පැමිණීමට හේතුව ලංකා ප්‍රිමියර් ලීගයේ සිදු කෙරෙන යම් සිද්ධීන් විමර්ෂණය කිරීම බවත් වාර්තා වෙනවා.


    ලංකා ප්‍රිමියර් ලීගයේ කණ්ඩායම් අයිතිකරුවන් , අනුග්‍රාහකයන් හා තරග පාවා දීම් ගැන අයිසීසියට ලැබී ඇති වාර්තා අපේ ක්‍රිකට් බලධාරින්ගේ ශරීර සුවතාවට හිතකර නොවන බවත් පැවසෙනවා.

    මෙහි සියලුම කණ්ඩායම් වල ප්‍රධාන අනුග්‍ර්‍රාහකයන් බෙටින් ඇප් සමාගම් වීමත් ලොව ප්‍රිමියර් ලීග් අතරින් බෙටින් ඇප් වැඩිම සංඛ්‍යාවක් සම්බන්ධ ලීගය ලංකා ප්‍රිමියර් ලීගය බවත් ඔවුන්ගේ අවධානයට ලක්ව තිබෙනවා.

    මේ අතර එක් කණ්ඩායමක නියම අයිතිකරු පිළිබඳව ගැටළුවක් පවතින බවත් ඒ සඳහා අයිසීසියේ බ්ලැක් ලිස්ට් වී ඇති ක්‍රීඩකයන් කිහිප දෙනකුද මුදල් යොදවා ඇති බවත් වාර්තා වෙනවා.

    මීට අමතරව අයිසීසිය මගින් කලක් තහනම් කොට බ්ලැක් ලිස්ට් කොට ඇති ක්‍රීඩකයන් කිහිප දෙනකු විස්තර විචාරකයන්, කණ්ඩායම් පුහුණුකරුවන් හා උපදේශකයන් ලෙස කටයුතු කිරීම ගැන ඇලෙක්ස් මාෂල්ගේ අවධානය යොමු වීමට නියමිත බවද lankasportnews වෙත වාර්තා වී තිබෙනවා. ඇලෙක්ස් මාෂල් මෙහි රැඳී සිටින සමය තුළ එක්තරා හිටපු ක්‍රීඩකයකු අත් අඩංගුවට ගැනීමටද නියමිතයි.


    No comments