• Breaking News

    විනය කැඩූ නෙට්බෝල් ක්‍රීඩිකාවන්ට වසරක තරග තහනමක් - ඔවුන් බේර ගන්න ක්‍රීඩාවේ නීති හැදූ නීතිඥයකුත්


    කොරියාවේ පැවති ආසියානු කනිෂ්ට නෙට්බෝල් තරගාවලියට ගිය ශ්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් තිදෙනකු තරගයකට පෙරදින රාත්‍රී එළිවනතුරු මත්පැන් බී පිස්සු නැටීමේ සිද්ධියක් විභාග කළ නෙට්බෝල් සංගමය ඔවුන් තිදෙනාට වසරක තරග තහනමක් පනවා ඇතැයි වාර්තා වෙනවා.


    තරග සංචාරයේ කළමනාකාරිනියගේ වාර්තාවක් අනුව සංගමය මෙම පියවර ගෙන ඇතත් තවමත් එය ප්‍රසිද්ධියට පත් කර නොමැති බවද වාර්තා වෙනවා.

    එසේ තිබියදී අදාල ක්‍රීඩිකාවන් තිදෙනාගේ දෙමවිපියන් විසින් මෙම දඬුවමට එරෙහිව කළමනාකාරිනියට අභියෝග කරමින් පරීක්ෂණයක් ඉල්ලා කළමනාකාරිනිය අපහසුතාවට ලක් කර ඇතැයිද lankasportnews වෙත වාර්තා වෙනවා.

    ක්‍රීඩාවේ නීති හදන්නට කලක් අමාත්‍යාංශයට උපදෙස් දුන් නීතිඥයකු මෙලෙස විනය විරෝධීව හැසිරුණු ක්‍රීඩිකාවන් පෙනී සිටීම විහිළුවක් බවයි නෙට්බෝල් ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.



    No comments