Friday, August 18, 2023

ශ්‍රී ලංකාවෙ වාසනාවන්තම ක්‍රිකට් ක්‍රීඩකයා


ශ්‍රී ලංකාවෙ ඉන්න ක්‍රිකට් ක්‍රීඩකයන් අතර වාසනාවන්තම ක්‍රීඩකයා කවුද ඇහුවොත් බොහෝ දෙනා කියන්නෙ ඒ ප්‍රවීන් ජයවික්‍රම කියලයි. මැච් නොගහ බංකුවේ ඉඳිමින් වැඩිම සංචාර ගණනක් ගිය ක්‍රීඩකයා වන්නෙ මොහුයි.


ඒ වගෙම කුසලානක් දිනූ හැම සංචාරෙකම ගැහුව වගේ කුසලාන උස්සගෙන පිංතූර ගන්නත් මොහු දක්ෂයෙක්.

පියල් විජේතුංගගේ පුහුණුවට පිං සිද්ධ වෙන්න තිබුණු රිද්මය නැති කර ගත්ත මේ වමත් දඟ පන්දු යවන්නා මේ දිනවල කෙළින් බෝලයක් දා ගන්න නොහැකි වුණත් ස්කොඩ් වල සිටීම ගැන තේරීම් කමිටු සභාපති ප්‍රමෝදයට විශේෂයෙන් ස්තූති වන්ත විය යුතු බව ක්‍රීඩකයෝ පවසනවා.

ටෙස්ට් හෝ එක්දින කණ්ඩායම් දෙකේම බංකුවේ ඉන්නම මොහු තෝරාගැනීම ගිනස් පොතට යන්නත් පුළුවන් කරුණක් බවයි ඔවුන් පවසන්නේ.

දැන් පැවැත්වෙන ලංකා ප්‍රිමියර් ලීගයේද දඹුල්ල අවුරා පිලෙත් ප්‍රවීන් බංකුවේම සිටිමින් කොන්ත්‍රාත් මුදල ගැනීමට තරම් වාසනාවන්ත වී තිබෙනවා.

මොහු නිසා ඇඹුල්දෙනිය,වෙල්ලාලගේ,තිලකරත්න, වනිජ සහන්, දිලුම් සුදීර යන වමත් දඟ පන්දු යවන්නන්ට අවස්ථාවක් ලැබෙන්නෙම නැතිව ගිහින්.

සමහර විට මොහුගේ තරග දීමනාවෙන් කොටසක් වෙනත් අයකුට යනවා වෙන්නත් පුළුවන්. මීට කලින් මේ වාසනාව ලැබූ ක්‍රීඩකයා වුණේ ලක්ෂාන් සඳකැන්. දැන් ඔහුගෙ තැන ප්‍රවීන්ට හිමිවෙලා.


No comments:

Post a Comment