වාර්තා යට ගහන්න ක්‍රිකට් වලින් ඇති තරම් මුදල්
ක්‍රිකට් ආයතනය සඳහා ක්‍රීඩා ඇමතිවරයා පත් කළ වෝහාරික විගණනයේ වාර්තාවට පිළිතුරු බැඳීම මේ වන විට සති ගණනක් ඉක්මවා ඇතත් උත්තර දීමට මේ මස 26 තෙක් කල් ඉල්ලා ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
26 තෙක් කල් ඉල්ලා ඇත්තේ 24 වැනිදා පාර්ලිමේන්තුවේ පැවැත්වෙන විපක්ෂය ඉල්ලූ ක්‍රිකට් සම්බන්ධ විවාදය පසු වන තුරු කල් මැරීම සඳහා බව lankasportnews වාර්තා වෙනවා.
වාර්තාව පමා කරවීම සඳහා ඔවුන් ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වරයාද බා ගැනීමේ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කරන බවත් එහි මූලිකත්වය දරන්නේ සුජීව ගොඩලියැද්ද බවත් කියවෙනවා.
මේ අතර ක්‍රිකට් ආයතනයේ වංචා හෙළිදරව් කරන මාධ්‍යකරුවන් කිහිප දෙනෙකුට නීතිඥ රැකවගේ උපදෙස් මත නඩු පවරා ඔවුන් නිහඬ කර තිබෙනවා.
එහෙත් තවමත් ක්‍රිකට් වංචා හෙළිදරව් කරන මාධ්‍යවේදීන් කිහිප දෙනා මුදලට බා ගැනීමට තවත් මාධ්‍යවේදියෙකු යොදා ඇති බවත් වාර්තා වෙනවා.
මීට දින කිහිපයකට පෙර ෂම්මි ඇතුළු නඩයට හෝල් සේල් කඩේ යන ගුවන් විදුලියෙන් එලවා දැමූ බන්දුල සමන් වතුරේගම ලවා පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේවද මුදලට බා ගැනීමේ ප්රයත්නයක් ව්‍යර්ථ වූ බවත් lankasportnews වගකීමෙන් යුතුව කියනවා.
No comments