ක්රිකට් වලට මේ දවස් වල සෙනසුරු අපලෙ නිසා දවස ගානෙ පුවත් මැවෙන්න පටන් අරන්. සභාපති ෂම්මි සිල්වා කට ඇරියොත් නාන්න ගන්න එකේ කෙළවරක් නැහැ.
ශලනි තාරකා - ධර්මදාස හුටපටේ සතියක් විතර සමාජ ජාල වල පැතිරෙන එක ලංකා ප්රිමියර් ලීගයේ උමාරාගේ ජාතික ගීයෙන් වැහිල ගියා.
විගණකාධිපතිගෙ වෝහාරික විගණන වාර්තාවෙන් ක්රිකට් බලධාරීන්ට හීන් දාඩිය දාල තියෙද්දි ෂම්මි ඉන්නෙ මළ පැනපු ගමන් කියලයි lankasportnews වෙත වාර්තා වෙන්නෙ.
මේ අස්සෙ කාලයක් දිවෙන් දිව ගාගෙන හිටපු බස්නාහිර පළාත් ක්රිකට් සංගමයෙ අනුර වීරසිංහ එක්ක ෂම්මි ඊයෙ පෙරේදා ඇරගෙන තියෙනවා.
අනුර වීරසිංහ මෙහෙයවන කළුතර පී.සී.සී ක්රීඩා සමාජෙට ප්රිමියර් බී කොටසට උසස් වීමක් ලබා දෙන මෙන් කරන ලද ඉල්ලීමක් ෂම්මි විසින් නොතකා හැරීම නිසා අනුර වීරසිංහ ක්රිකට් ආයතනයට විරුද්ධව නඩුවක් පැවරුවා.
ෂම්මිගේ කණට ගැසීමක් වැනි මේ ක්රියාවෙන් කිපුණු ෂම්මි දුරකථනයෙන් අනුර අමතා හොඳටම දෙහි කපා අන්තිමට හරි එහෙනම් මං බලාගන්නම් යනුවෙන් මරණීය තර්ජන කර තියෙනවා.
එම ඇමතුම අනුරට අරන් තියෙන්නෙ භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්දයි. ෂම්මි අනුර අමතා ඇත්තේ සුජීවගේ දුරකථනයෙනුයි.
ෂම්මිගේ තර්ජනය නිසා හොඳටම බියට පත් වුණු අනුරට උණ ගැණුනු බව කියවෙනවා.
පහුවෙනිදා අනුර මිරිහාන පොලිසියට ගිහින් ෂම්මි තමන්ට බැණ මරණීය තර්ජනය කළ බවට පැමිණිලි කරල තියෙනවා.
දැන් පොලිසිය මේ පැමිණිල්ල විභාග කරන්න සූදානම් වෙද්දි අනුර ෂම්මිට එරෙහිව වෙනම නඩුවක් ගොනු කරන්නත් සූදානම් වන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
දැන් දැන් ගිලෙන බෝට්ටුවෙන් මීයො පැන යන අයුරින් තිලංග හැරදමා පැමිණ ෂම්මිට හේත්තු වූ පිරිස එක එකා ෂම්මි හැර දමා යන්න පටන් අරන්.
ඒ විතරක් නෙවෙයි ෂම්මිගේ හොරකම් සාක්කි සහිතව ඔප්පු කරන්නත් සූදානම් වන බවයි වාර්තා වෙන්නේ.
මේ සියල්ල තමන්ට පිටුපා ගිය පැරණි හිතවතා වන ෂම්මි එළවා දමන්න තිලංග තිරය පිටුපස සිට ගහන ගේමක් බවත් lankasportnews වෙත වාර්තා වෙනවා. තිලංග ළඟ කලක් සේවය කළ සුජීව ගොඩලියැද්දත් ෂම්මිට හොඳ මුහුණ පෙන්නමින් යටින් තිලංගට කේළම් කියන බවත් වාර්තා වෙනවා.
No comments:
Post a Comment