ශ්‍රී ලංකාවෙ බැඩ්මින්ටන් කියන්නෙ කිසිම ප්‍රගතියක් නැතත් ලෝකෙට පරකාසෙ ගෙදරට මරගාතෙ වගෙ සෙල්ලමක්. අනාගත බැඩ්මින්ටන් හැදිල්ල කෙසේ වෙතත් බැඩ්මින්ටන් සභාපතිගෙ වැඩි අවධානෙ තියෙන්නෙ නාකි බැඩ්මින්ටන් ප්රගතියටයි.
බැඩ්මින්ටන් සංගමයේ උප සභාපති වරයකු හා කොළඹ ප්‍රසිද්ධ විදුහලක ක්‍රීඩකයකුගේ මව සමග වූ අනියම් පෙම් පුවත හා ගුටිකෑම ගැන මීට පෙර lankasportnews වාර්තා කළා.
ලජ්ජා නැති බැඩ්මින්ටන් සංගමය ලබන සතියේ ඉන්දුනීසියාවේ පැවැත්වෙන ආසියානු කනිෂ්ඨ බැඩ්මින්ටන් තරගාවලියට අද පිටත්ව යන ශ්‍රී ලංකා කනිෂ්ඨ බැඩ්මින්ටන් පිල සමග යන කාන්තා නිලධාරියා ලෙස පත් කර තිබෙන්නේ අර සිද්ධියට මැදි වූ කාන්තාව වීම විශේෂ සිද්ධියක්.
මැය කිසිදු ආකාරයකින් බැඩ්මින්ටන් සංගමයට සම්බන්ධ අයකු නොවන අතර ඇත්තේ තට්ට හිසක් සහිත අදාල උප සභාපතිවරයාගේ අනියම් බිරිඳ වීම පමණයි.
ඒ මදිවාට ඇයගේ පුත්‍රයාත් මේ තරගාවලියට යන ක්‍රීඩකයන් අතර හිඳීම සිනාවට කරුණක්.
මේ පත්වීම ගැන කඳුරට පැත්තේ සංගමයක් විරෝධතාවක් එල්ල කිරීම නිසා අවසන් මොහොතේ පාසල් නියෝජිතවරියකුත් සංචාරයට එක් කොට තිබෙනවා.
මෙම කණ්ඩායමට ක්‍රීඩා ඇමතිවරයාගේත් අනුමැතිය ලබා ගැනීමට බැඩිමින්ටන් සභාපතිවරයාට හැකිව තිබෙනවා. ඒ ඔහු හා ක්‍රිඩා ඇමතිවරයාඅතර පවතින යාළුකම නිසයි.
නව ක්‍රීඩා රෙගුලාසි වලට පටහැනිව බැඩ්මින්ටන් මුල් පුටුවට තම ගෝල බාලයන්ද සමග යළි පත්වීමට ඉඩ කඩ ලැබුණේද මේ යාළුකම නිසයි.
ජාතික කණ්ඩායමක නිලධාරිනියක් ලෙස මෙවැනි අයථා පත් කිරීමකට අනුමැතිය දෙන්නට පෙර ක්‍රීඩා ඇමතිවරයා මාධ්‍ය හමු වලදී සිදු කරන බයිලා කතා පිළිබඳ නැවත වරක් හැරී බලන ලෙස lankasportnews අවධාරණයෙන් මතක් කරනවා.
No comments:
Post a Comment