Monday, July 24, 2023

නාකි බැඩ්මින්ටන් තරගාවලියට අයියාගේ පුතාගේ බිරිඳත් යයි


බැඩ්මින්ටන් සංගමය දිගින් දිගටම නාකි බැඩ්මින්ටන් ප්‍රමෝට් කරන බවත් කනිෂ්ඨ බැඩ්මින්ටන් ප්‍රමෝට් කිරීමක් නොකරන බවත් lankasportnews දිගින් දිගටම වාර්තා කළා.


ලබන සැප්තැම්බර් මස කොරියාවේ පැවැත්වෙන නාකි බැඩ්මින්ටන් තරගාවලියකට නාකි බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක වන චන්ද්‍රිකා ද සිල්වා තම අයියාගේ පුත්‍රයාවද යවන්න සූදානමින් ඉන්න බව අප මීට පෙර වාර්තා කළා. අරමුණ එහි ගල් වීම බවත් අප කිව්වා.

මෙහි අලුත්ම ප්‍රවෘත්තිය වන්නේ මොහුගේ බිරිඳත් කොරියාවට යාමට සූදානම් වන බවයි.මේ බිරිඳ බැඩ්මින්ටන් සභාපති වරයාගේ කාර්‍යාලයේ ඔහුගේ පෞද්ගලික සහකාරියක ලෙස සේවය කරන්නියක වීමත් විශේෂත්වයක්.ඇය පළපුරුදු බැඩ්මින්ටන් ක්‍රීඩිකාවක් නොවන අතර මේ දිනවල හොරෙන් බැඩ්මින්ටන් පුහුණුවේ යෙදෙන බවත් වාර්තා වෙනවා.

මෙම තරගාවලියට චන්ද්‍රිකා මෙන්ම සභාපතිවරයාත් යාමට නියමිතයි.

මේ අතර උප සභාපතිවරයකු වන හිටපු දේශපාලනඥයකුද වන රොෂාන් ගුණවර්ධන දිස්ත්‍රික් මට්ටමින් 13 න් පහළ සංචිත පිහිටුවීමට කියමින් සභාපතිවරයාගේ අනුග්‍රහයෙන් සුඛෝපභෝගී මෝටර් රථයකින් රට වටා යන්න පටන් අරන්.

මේ ගමන් වලදී තරු පහේ හෝටල වල ලැගුම් ගන්නා මොහු ඒ සඳහා සභාපතිවරයාවද ගෙන්වා ගන්නවා.

සභාපතිවරයාද බොහෝ විට යන්නේ හෙලිකොප්ටරයෙන් බවත් වාර්තා වෙනවා.

බැඩ්මින්ටන් ක්ෂේත්‍රයේ අය කියන්නේ සභාපතිවරයා මෙසේ කරන්නේ තම පෞද්ගලික වියදමින් වුණත් එම මුදල් බැඩ්මින්ටන් ජාතික සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙනුවෙන් යෙදවිය හැකි බවයි. 13 න් පහළ සංචිත හදද්දී 19 න් පහළ සංචිත නොහදන්නේ ඇයි කියන ප්‍රශ්නය කනිෂ්ඨ ක්‍රීඩකයො අහනවා.


No comments:

Post a Comment