ලංකාවේ ක්‍රිකට් පරිපාලකයො කියන්නෙ ජනතාවට විහිළු සපයන අතර විවිධ දූෂණ චෝදනා වලට ලක් වන පිරිසක්.
මේ දවස් වල ඔවුන් හා හිරු නාලිකාව අතර යුද්ධයක් ක්‍රියාත්මකයි.
එක මාධ්‍යයකට වාරණයක් පනවද්දි අනික් මාධ්‍ය වලින් හිරුට කිසිම මාධ්‍යයකින් සහයෝගයක් දෙන බවක් පෙනෙන්නෙ නෑ.
එයට හේතුව තමයි ෂම්මිලා මිලියන ගණන් දැන්වීම් සියලු කඩේ යන මාධ්‍ය වලට ලබා දීමත් ක්‍රිකට් ආවරණය කරන බොහෝ ක්‍රීඩා මාධ්‍යවේදීන්ට ටුවර් සඳහා ලක්ෂ ගණනින් අනුග්‍රහය දැක්වීම.
තම පරිපාලනය සුපිරි බව කියමින් පාරම් බෑවත් ගාල්ල ක්‍රීඩා පිටියේදීත් පාකිස්තානය වෙතින් ටෙස්ට් පරාජයක් ලැබීමෙන් පෙනෙන්නේ අපේ ක්‍රිකට් අද පත්ව තිබෙන මට්ටමයි.
මෙහි දැක්වෙන පින්තූරයක් විදහා දැක්වෙන්නේ ක්‍රිකට් ආයතනය පත්ව ඇති කනගාටුදායක තත්වයයි.
ක්‍රිකට් ආයතනයට ලැබෙන ඩොලර් පිටරට කොහෙවත් ගිණුම් වලට යාම ගැන අපට පහුගිය කාලෙ අහන්න ලැබුණා.
මෙතනත් පාකිස්තානු නායකයා වෙත පිරිනැමුණු ජයග්‍රාහී සංඛේත චෙක්පතේ මුදල ඉලක්කමෙන් ඩොලර් පන්දාහක් ලෙස සඳහන් වුවත් අකුරින් ලියා තිබෙන්නේ දෙදහසක් යනුවෙන්.
හැමෝගෙම විහිළුවට ලක්වුණු මේ අත් වැරැද්ද ගැන ක්‍රිකට් ආයතනය පසුව සමාව ගත්තා.
කොහොම උනත් ඩොලර් වල ඉලක්කම් මාරු කරන්න අපේ ක්‍රිකට් බලධාරියො හරිම දක්ෂයො බව හෙට අනිද්දා නිකුත් වෙන්න තියෙන වෝහාරික විගණන වාර්තාවෙන් හෙළිදරව් වනු ඇතැයි lankasportnews වගකීමෙන් කියනවා.
No comments:
Post a Comment