බැඩ්මින්ටන් සංගමය මේ දවස් වල වැඩියෙන් කරන්නේ නාකි බැඩ්මින්ටන් ප්‍රමෝට් කරන එකයි.
සභාපතිවරයා නාකි බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවො පිරිසක් සමග රට රටවල නාකි බැඩ්මින්ටන් තරගාවලි සොය සොයා යාම පුරුද්දක් කරගෙන බවයි lankasportnews වෙත වාර්තා වන්නේ.
මෙසේ යන නාකි බැඩ්මින්ටන් නඩ වල අනිවාර්ය ක්‍රීඩිකාවක් වන්නේ චන්ද්‍රිකා ද සිල්වායි.
ලබන සැප්තැම්බර් වල කොරියාවේ පැවැත්වෙන නාකි බැඩ්මින්ටන් තරගාවලියකට චන්ද්‍රිකා තම අයියාගේ පුත්‍රයාවද රැගෙන යන්න සූදානම් කර ඇති බව වාර්තාවෙනවා.
ලොකුවට බැඩ්මින්ටන් ගසා නොමැති මොහුගේ අභිලාෂය ටුවර් එකේ ගොස් කොරියාවේ ගල් වීම බවත් අප lankasportnews වාර්තාකරු පවසනවා
මේ අතර ඉදිරියේ විදේශයක පැවැත්වෙන කනිෂ්ඨ තරගාවලියකත් පුහුණුකාරිනිය ලෙස යාමටත් චන්ද්‍රිකා සූදානම් වෙනවා.
සංගමයේ විධායක සභාවේ සිටියදී පුහුණුකරුවකු ලෙස කටයුතු කළ නොහැකි වුණත් ලොකු තැනගේ නාකි බැඩ්මින්ටන් අනුග්‍රහයෙන් තමන්ට සිතෙන දේ කරන බව චන්ද්‍රිකා කිහිප දෙනෙකුටම පවසා තිබෙනවා.
සංගමයේ පුහුණු කමිටුවක් ඇතත් එහි සභාපතිවරයා ඉවත් වීමෙන් පසු එය නාමික කමිටුවක් වී තිබීම චන්ද්‍රිකාට හොඳ පිටුවහලක් වී ඇතැයි පැවසෙනවා.
No comments:
Post a Comment