Tuesday, July 11, 2023

ක්‍රිකට් වනසන ක්‍රීඩා සමාජ අත යට ගණුදෙනු - පළමු අනාවරණය


ක්‍රිකට් පාලක මණ්ඩලේ වගේම ක්‍රිකට් ක්‍රීඩා සමාජත් දැන් අතිශයින්ම දූෂිත වෙලා. ක්‍රීඩා සමාජ වල ක්‍රිකට් කරවන නිලධාරින්, නායකයන් හා පුහුණුකරුවන් රැසක් තම ප්‍රමුඛ පෙළ ක්‍රීඩා සමාජ වල ක්‍රීඩා කරවීම සඳහා ක්‍රීඩකයන්ගෙන් ලක්ෂ ගණන් මුදල් කප්පම් වශයෙන් ලබා ගන්නා බව lankasportnews වගකීමෙන් යුතුව වාර්තා කරනවා.


ෆස්ට් ක්ලාස් තරග 5 ක් ක්‍රීඩා කිරීමට සලස්වන බව කියමින් ඔවුන් මෙසේ ක්‍රීඩකයන්ගෙන් මුදල් කොල්ල කා ගන්නා බව සඳහන්.

ක්‍රීඩකයනුත් එංගලන්තයේ හා ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩා කිරීමට අවශ්‍යතාව වන ෆස්ට් ක්ලාස් තරග 5 ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලබා ගැනීමට මෙසේ මුදල් ලබා දෙන බව වාර්තා වෙනවා.

ඇතැම් ක්‍රීඩා සමාජ නිලධාරීන් හා පුහුණුකරුවන් ක්‍රීඩා සමාජය හා ක්‍රීඩකයන් අතර අත්සන් කෙරෙන ක්‍රීඩක කොන්ත්‍රාත් මගින්ද මාටියා ගහන බවත් වාර්තා වෙනවා. ඒ ක්‍රීඩකයාට ගෙවන කොන්ත්‍රාත් මුදලින්
20% ක් ලබා ගැනීමෙන්.

මෙසේ සිදු කරන ක්‍රීඩා සමාජ අතරින් කැපී පෙනෙන්නේ බදුරලිය ක්‍රීඩා සමාජය බවත් මෙවර එහි ක්‍රීඩා කරන ක්‍රීඩකයන් දෙදෙනකුගෙන් එහි පුහුණුකරු ලක්ෂ 40 ක් ලබා ගෙන ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

ප්‍රකට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකුගේ පාසල් යන පුතකුද එක දිගට බිංදු ගසමින් මෙම ක්‍රීඩා සමාජයේ ක්‍රීඩා කරවීම පිටුපසද යමක් ඇති බව කියවෙනවා. ඉදිරියේදී මෙවැනි තවත් දූෂිත ක්‍රීඩා සමාජ නිලධාරීන් හා ක්‍රීඩා සමාජ ගැන lankasportnews හෙළිදරව් කිරීමට සූදානම්.


No comments:

Post a Comment