ක්‍රිකට් බලධාරීන්ගේ අක්‍රමිකතා ,දූෂණ ,වංචා , කොමිස් ගැසීම්, යනාදිය ලංකාවේ මාධ්‍ය වල ලෙහෙසියෙන් නොයන්නේ වැඩි හරියක් ක්‍රීඩා මාධ්‍යවේදීන් ඉන්නේ ක්‍රිකට් ලොක්කන්ගේ සාක්කුවේ නිසයි. දූෂණ හෙළිදරව් නොකර ක්‍රිකට් ලොක්කන්ට කඩේ යාමට ලැබෙන තෑගි අතර ෆොරින් ටුවර් ලැබෙන බව රහසක් නෙවෙයි.
හොඳටම කඩේ යන්නේ බීබීසියෙන් එලවා දැන් වෙබ් සයිටයක් අටවාගෙන සිටින මාධ්‍යවේදියෙක් ලෙස හඳුන්වාගත් බිස්නස් කාරයෙක් බවයි lankasportnews වෙත වාර්තා වන්නේ.
පසුගිය දිනවල දිගින් දිගටම ක්‍රිකට් ආයතනයේ වංචා හෙළිදරව් කළේ පැතුම් විජේරත්න( අද) , වින්දන ප්‍රසාද්( සිරස), ෆවුස් මොහොමඩ් ( සිළුමිණ ) යන මාධ්‍යවේදීන් තිදෙනායි.
ක්‍රිකට් බලධාරීන් මේ මාධ්‍යවේදීන් තිදෙනා මෙල්ල කිරීමට සිදු කළේ ඔවුන්ට තරග හා මාධ්‍ය සාකච්චාවලට සහභාගි වීම නවත්වා ඔවුන්ට නඩු පිට නඩු පැවරීමයි.
තමන්ට අපහාස කළ බව කියමින් බිලියන ගණන් ඉල්ලා මෙම නඩු පවරන්නේ ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් වීම විශේෂත්වයක්.
මේ නඩු පවරනු ලබන්නේ ආයතනයේ නීති උපදේශක ලෙස කටයුතු කරමින් කෝටි ගණනක් උපයා ඇති රැකව නම් නීතිඥයෙක්.
මේ නඩු වලට පෙනී ඉන්නේ ක්‍රිකට් ආයතන නඩු වලින්ම ධන කුවේරයකු බවට පත්ව සිටින කුවේර නම් නීතිඥ යෙක්.
රැකවගේ පියා හිටපු ලොකුම නඩුකාරයෙක් බැවින් ඔහුගේ ගෝලයන් වන දැන් නඩුකාරයන් ඇල්ලීමටද ඇති හැකියාව නිසා මෙසේ මාධ්‍යවේදීන් නඩු දමා හිර කිරීමේ කොන්ත්‍රාත්තුව භාර අරන් ඇති බව වාර්තා වෙනවා.
මෙය අභියාචනාධිකරණයේ පනවන ලද ක්‍රීඩා පනත නව සංශෝධනයට එරෙහි නඩුවේදීත් සිදුව ඇතැයි කියවෙනවා.
මේ අතර පසුගියදා ක්‍රීඩා ඇමතිවරයා පවත්වන ලද මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන්ට එරෙහිව කුමන ක්‍රීඩා සංගමයක් නඩු මගට පිවිසුණොත් නඩුවට අදාල සංගමයේ අරමුදල් භාවිතා කළ නොහැකි බව කියා,සිටියත් ක්‍රිකට් නඩු සියල්ලටම තවමත් වියදම් කරන්නේ ක්‍රිකට් ආයතනයේ මුදල් බවයි වාර්තා වෙන්නේ.
පසුගිය ක්‍රිකට් විශේෂ මහ සභා රැස්වීමේදී ඉදිරිපත් කර ඇති පසුගිය වසරේ නීති උපදෙස් වියදම මිලියන 150 කට ත් අධික බව ක්‍රීඩා සමාජ නිලධාරියෙක් lankasportnews වෙත දන්වා සිටියා.
ඉතින් ක්‍රිකට් ආයතනය ඉන්නේ වත්මන් ක්‍රීඩා අමාත්‍ය රොෂන් රණසිංහට වඩා උඩින් බව බොහෝ දෙනෙක් තලු මරමින් පවසන කතාවක් වී තිබෙනවා. ක්‍රීඩා අමාත්‍යවරයා ක්‍රිකට් ලොක්කන්ගේ රූකඩයක් පමණක් වන අතර කටින් බතල හිටවන් නැතුව ක්‍රීඩා දූෂණ හා වංචා හෙළිදරව් කරන මාධ්‍යවේදීන් රැක ගැනීමට ක්‍රියාවෙන් පෙරට පැමිණෙන ලෙස Lankasportnews අපි අභියෝග කරන්න කැමතියි. ඉතින් ලංකාවේ ක්‍රීඩාව තවමත් පාලනය කරන්නේ මහා පරිමාණ ජාවාරම් කරුවන් කිහිප දෙනෙක් බව කීමට තවත් උදාහරණ අවශ්‍ය වන්නේ නැහැ.
No comments:
Post a Comment