ආයතනයක උප භාණ්ඩාගාරික ලෙස සිට භාණ්ඩාගාරික ධූරයට පත් වීම මහා ලොකු වැඩක් බවට පත් කර ගනිමින් තම පාසලේ තමන් විසින්ම උපහාර උත්සවයක් පවත්වා ගත් අයකු පිළිබඳ අපූරු පුවතක් lankasportnews වෙත වාර්තා වෙනවා.
ඒ ක්රිකට් ආයතනයේ භාණ්ඩාගාරික ලෙස තේරී පත් වූ සුජීව ගොඩලියැද්දයි.
මොහු විසින්ම අයකුට මුදල් ගෙවා තමන්ව තම පාසල වන මාතලේ සා.තෝමස් විදුහලේ පසුගියදා උපහාර උත්සවයක් පවත්වාගෙන තිබීම ගැන එම පාසලේම ආදි සිසුන් උපහාසයෙන් යුතුව කතා කරන්නට පටන් අරන්.
සා.තෝමස් විදුහලේ ආදි සිසු සංගමයේ නානසුන්දර නම් අයකුට මේ සඳහා සුජීව විසින් රු.50,000/=ක් දී ඇතැයි lankasportnews මාතලේ විශේෂ වාර්තාකරුවකු අප වෙත දන්වා එවා තිබෙනවා.
ක්රිකට් ආයතනයේ කොමිස් කාක්කා ලෙස ප්රචලිත සුජීව කලක් තිලංග සුමතිපාල විසින් දඹුල්ල ශ්රීලනිප ආසන සංවිධායක ලෙසද පත් කර තිබුණු බවද වාර්තා වෙනවා.
No comments:
Post a Comment