බැඩ්මින්ටන් සංගමයේ උපසභාපති වරයකු පසුගිය දිනක එම සංගම් මූලස්ථානයේදීම ජාතික කනිෂ්ඨ සංචිතයේ ක්‍රීඩකයකුගේ පියකු වෙතින් ගුටි කා පැන ගොස් ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙයට හේතුව වී ඇත්තේ තට්ට හිසක් ඇති මෙම උප සභාපතිවරයා අදාල ලාබාල ක්‍රීඩිකාවගේ මව සමග පවත්වාගෙන ගිය අනියම් සම්බන්ධතාවක් දුර දිග යාම නිසා බව පැවසෙනවා.
මේ හේතුවෙන් කොළඹ ප්‍රසිද්ධ පාසලක අදාල කනිෂ්ඨ ක්‍රීඩකයාගේ දෙමව්පියන් දික්කසාද වී සිටින අතර කට්ටි පනිමින් සිටින මෙම උප සභාපතිවරයා අහම්බෙන් සංගම් මූලස්ථානයේදී මුණ ගැසීම නිසා මෙම ගුටි ඇණ ගැනීම සිදුව තිබෙනවා.
තාක්ෂණික කමිටුවේද ප්‍රධානියකු වන මෙම නිලධාරියා කනිෂ්ඨ ජාතික සංචිතය තෝරා ගැනීමේ තරග වලදී අදාල ක්‍රීඩකයාට වැඩි තරග සංඛ්‍යාවක් ලබා දීම ගැනද චෝදනා ලැබූවෙක් වෙනවා.
කලකට පෙර මෙම නිලධාරියා ක්‍රීඩකයාගේ මව සමග හෝටල් කාමරයක පෙම් සුව විඳිමින් සිටියදී පියාගේ අතටම හසු වීමෙන් පසු දික්කසාදය සිදුව තිබෙනවා.
මෙම නොමනා හැසිරීම් පිළිබඳව බැඩ්මින්ටන් සංගමයට පැමිණිලි කොට ඇතත් මෙවැනිම බෝට්ටුවක සිටින සභාපතිවරයා ඒවා තුට්ටුවකටවත් මායිම් නොකරන බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.
No comments:
Post a Comment