රජයේ විගණකාධිපතිවරයා විසින් ක්‍රිකට් ආයතනයේ වෝහාරික විගණනයක් පවත්වා එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන අවස්ථාවක ක්‍රිකට් ආයතනය විගණකාධිපති දෙපාර්තමේන්තුවට පරිඝණක කිහිපයක් ලබා දීමට යන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ සඳහා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර ඇත්තේ විගණකාධිපති දෙපාර්තමේන්තුවේම නිලධාරියකු වන ජූඩ් පෙරේරා නමැත්තෙක් වන අතර ඔහු ක්‍රීඩා අමාත්‍යාංශයේම විගණකාධිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරියා වීමත් විශේෂ සිද්ධියක්.
මේ මගින් මුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවම හෑල්ලුවට ලක් කළ නිලධාරියා ක්‍රීඩා අමාත්‍යාංශයේම සේවය කරන ගමන් ක්‍රිකට් බලධාරීන් සමග කිට්ටු ඇසුරක් පවත්වන්නෙක් බව වාර්තා වෙනවා.
No comments:
Post a Comment