• Breaking News

    බැඩ්මින්ටන් හිටපු සභාපති පස්සා දොරෙන් ආපසු එන්න සූදානමක



    ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ සංශෝධිත ක්‍රීඩා පනතට එරෙහිව ක්‍රිකට් ආයතනය අභියාධිකරණයේ ගොනු කළ නඩුවට ලබා දුන් අතුරු තහනම් නියෝගය දඩමීමා කරගෙන අනිකුත් සංගම් හා සම්මේලනද තම නිලවරණ පැවැත්වීමට සූදානම් වන බව lankasportnews වෙත වාර්තා වෙනවා.

    මින් ප්‍රධාන තැනක් ගන්නේ බැඩ්මින්ටන් සංගමයයි. නව සංශෝධනය අනුව ඉදිරිපත් විය නොහැකි හිටපු සභාපති රොහාන් ද සිල්වා ඇතුළු හිටපු නිලධාරීන් කිහිප දෙනකුම මෙවර නිලවරණයට නාම යෝජනා ලබා දී තිබෙනවා.

    එහි නිලවරණ කමිටුවද එම නාම යෝජනා පිළිගෙන ඇති අතර එයට විරුද්ධව පිරිසක් ක්‍රීඩා අමාත්‍යාංශයට පැමිණිලි කර ඇතැයි වාර්තා වෙනවා.

    මේ අතර හිටපු බැඩ්මින්ටන් සභාපතිවරයා තමන් ඇතුළු කිහිප දෙනකුට ක්‍රීඩා ඇමති බලතල අනුව විශේෂ අවසරයක් ලබා දෙන මෙන් ක්‍රීඩා ඇමතිවරයාගෙන් හොර රහසේ ලිපියකින් ඉල්ලා ඇතැයි lankasportnews වෙත දැන ගන්න ලැබී තිබෙනවා.

    ක්‍රීඩා ඇමති වරයා මෙයට අවසර දුනහොත් ඔහු විසින් නව ගැසට් පත්‍රයක් ගැසීමේ කිසිදු ඵලක් නොවන බව ක්‍රීඩා ප්‍රවීණයන් පවසනවා.

    සබැඳි පෙර ලිපි 









    No comments