• Breaking News

    මතීෂ ගැන දෝණි දුන් උපදෙස මාලිංග අනුමත නොකරයි


    මතීෂ පතිරණ රතු පන්දුවෙන් ඈත් කර සුදු පන්දුවෙන් කලක් ක්‍රීඩා කළ යුතු බවට මහේන්ද්‍ර සිං දෝනි විසින් අයිපීඑල් තරගාවලිය අතර තුළ කරන ලද උපදෙස ලසිත් මාලිංග විසින් ප්‍රතික්ෂෙප කර තිබෙනවා.


    ලසිත් මාලිංග කියන්නේ මතීෂ ටෙස්ට් තරග සඳහාද යොදා ගත යුතු බවයි.

    ඉතිහාසය තුළ සෑම අංශයකම ක්‍රීඩා කරවන්නට ගොස් ආබාධ වලට ගොදුරු වූ වේග පන්දු යවන්නන්ට අත් කර දුන් ඉරණම මතීෂටත් අත් කර දීමට අභිලාෂයක් මාලිංග තුළ තිබේදැයි සැක පහළ වන බව මේ ප්‍රකාශය ගැන lankasportnews වෙත අදහස් දැක්වූ හිටපු ටෙස්ට් වේග පන්දු යවන්නකු පවසනවා.

    " දෝණිගේ අත්දැකීම් අනුවයි ඔහු ඒ උපදෙස දීල තියෙන්නේ. දෝණි එක්ක බලන කොට මාලිංග කවුද?
    දුෂ්මන්ත චමීර වගේ මෑතක බිහිවූ දක්ෂ වේග පන්දු යවන්නෙකුත් නිරතුරුව ආබාධ වලට ගොදුරු වෙන්න ගත්තෙ විවේකයක් නොදී ක්‍රීඩා කරවීමෙන්. දැන දැන මතීෂවත් නැති කර ගන්න ඕන නෑ.!"


    ඔහු වැඩිදුරටත් පැවසුවා.

    No comments