Monday, May 29, 2023

ඩයන් ගෝමස්ට චෝදනා රැසක්.! - ඇමතිත් නිහඬයි


බොක්සිං සංගමයේ සභාපති ඩයන් ගෝමස්ට එරෙහිව චෝදනා රැසක් එම සංගමය තුළින්ම වාර්තා වෙනවා.


මින් බරපතලම චෝදනාව වන්නේ ඔලිම්පික් බොක්සිං විනිසුරුවරියක වන තම්පු නෙල්කා ශිරෝමාලා විසින් ඉදිරිපත් කර ඇති ලිංගික ( මානසික) චෝදනාවයි.

ඇය විසින් මේ චෝදනාව ළමා හා කාන්තා කාර්‍යාංශයට ජනවාරි මස ඉදිරිපත් කර ඇතත් මේ දක්වා එය විභාග කිරීම පමා වී තිබෙනවා.

මීට අමතරව බොක්සිං තරග අතර තුර බොක්සිං සභාපති ධූරය අවභාවිතා කරමින් නීති විරෝධී ලෙස විනිසුරු අසුන හා වළල්ල අසල පුටුවක් තබා ගෙන වාඩි වීම ඩයන් ගෝමස්ට එරෙහි තව චෝදනාවක්.

මීට අමතරව බොක්සිං විනිසුරුවන්ගේ හා පුහුණුකරුවන්ගේ සංගමයට බොක්සිං මහා සභා රැස්වීමට හිතාමතාම ආරාධනා නොකිරීමත් ඩයන්ට එරෙහි තව චෝදනාවක් වෙනවා.

අවුරුදු ගණනක් මුළුල්ලේ ඒකාධිකාරයක් පවත්වාගෙන යමින් බොක්සිං මුල් පුටුවේ රැඳී සිටින ඩයන් ගෝමස් ගැන ක්‍රීඩා අමාත්‍යාංශයද නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම බොක්සිං ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ විමතියට කරුණක් වී තිබෙනවා.

No comments:

Post a Comment