ක්රිකට් ආයතනයේ හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි සේවය කරන ජාතික මට්ටමේ පුහුණුකරුවන් තමන් සම්බන්ධවී සිටි ක්රීඩා සමාජ වලට ක්රීඩකයන් තල්ලු කර යැවීමේ සේවාවක් ආරම්භ කර ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ ඇතැම් පුහුණුකරුවන් අදාල ක්රීඩා සමාජ වල කන්සල්ටන්ට්ලා ලෙස කටයුතු කරන බවත් සමහරු හොරෙන් එම ක්රීඩා සමාජ වල පුහුණු සැසි වලටද සහභාගි වන බවත් වාර්තා වෙනවා.
මෙසේ කටයුතු කරන පුහුණුකරුවන් අතර
චමිල ගමගේ ( ගාල්ල හා ගුවන් හමුදා)
ජෙහාන් මුබාරක් ( මුවර්ස්)
සම්පත් පෙරේරා ( එන්.සී.සී.),
ධම්මික සුදර්ශන ( ගාල්ල ),
අවිශ්ක ගුණවර්ධන ( එස්.එස්.සී.),
තිලිණ කණ්ඩම්බි ( එස්.එස්.සී.) ,
රුවන් කල්පගේ( එන්.සී.සී.),
දර්ශන ගමගේ( රාගම ),
පියල් විජේතුංග( එස්.එස්.සී),
උපුල් චන්දන ( ටැමිල් යූනියන් )
ඒ ඒ ක්රීඩා සමාජ වලට ක්රීඩකයන් යොමු කරවීමේ කොන්ත්රාත් කටයුත්ත ජයටම සිදු කරන බව ක්රීඩකයන් පවසනවා.
ඇතැම් ක්රීඩකයන් ජාතික සංචිත වලට දමා දෙන්නම් යැයි මොවුන් විසින් පොරොන්දු ලබා දෙන බවත් ඒ අනුව මොවුන්ගේ ගුලි කා ක්රීඩකයන් මොවුන් පවසන ක්රීඩා සමාජ වලට යන බවත් එක් ක්රීඩකයෙක් lankasportnews වෙත පැවසුවා.
මීට අමතරව ජාතික පිලේ කළමනාකරු මහින්ද හලංගොඩද ක්රීඩකයන් එස් එස්.සී. ක්රීඩා,සමාජයට යොමු කරවීම කලක පටන් සිදු කරන බවත් වාර්තා වෙනවා. කරුණු මෙසේ සිදුවද්දී හයි පර්ෆෝමන්ස් සෙන්ටර්හි ලොක්කා වන සුද්දා ඇස් පියා ගෙන සිටින බවත් වාර්තා වෙනවා.
No comments:
Post a Comment