ක්‍රිකට් පරණ අස්සයන්ටම
2023 මැයි 20 වනදා පැවති ක්‍රිකට් නිලවරණයේදී ෂම්මි සිල්වා නැවත වරක් නිතරගයෙන් සභාපති ලෙස තේරී පත්ව තිබෙනවා.
හිටපු නිලධාරි මණඩලය එසේම තවත් දෙවසරක කාල සීමාවක් සඳහා තේරී පත්ව තිබීම විශේෂත්වයක්.
මෙය තමන්ගේ අම්මගේ අප්පගේ බූදලයක් නොවන බවත් තමන් කිසිවකු සමග තරහ නැති බවත් අවශ්‍යව ඇත්තේ ක්‍රිකට් ගොඩ දැමීම බවත් ෂම්මි සිල්වා එහි පැවති මාධ්‍ය හමුවකදී පවසා තිබෙනවා.
මේ පිළිබඳව lankasportnews වෙත අදහස් දැක්වූ හිටපු ප්‍රවීණ ක්‍රීඩකයකු පැවසුවේ ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලාන තේරීමේ වටය දක්වා පහතට වැටෙද්දී ඊට වගකිව යුතු පාලකයන් වසර දෙකකට නිතරගයෙන් පත්වීම විහිළුවක් බවත් අම්මාගේ අප්පාගේ බූදලය නොවන්නේ නම් එය අත නොහැර එල්ලී සිටින්නේ ඇයිදැයි මොවුන්ගෙන් විමසිය යුතු බවත්.
ෂම්මි සිල්වා පිට පිට සිව් වසරක් සභාපති ලෙස කටයුතු කර මෙවර තවත් දෙවසරක් සඳහා තේරී ඇති අතර දෙවරක් සභාපති ධූරය ඉසිලූ ජයන්ත ධර්මදාස සිව් වසරක් උප සභාපති ලෙස කටයුතු කර නැවත තවත් දෙවසරකට තේරී පත්ව තිබෙනවා.
ජාත්‍යන්තර ක්‍රිකට් භාරව කටයුතු කරන්නේ ඔහු වන අතර ශ්‍රී ලංකා පිල එක් දින හා විස්සයි විස්ස ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම් වල පහතටම වැටී තිබීම විශේෂත්වයක්.
මෙවර නිලවරණයේදී සුජීව ගොඩලියැද්ද භාණ්ඩාගාරික ලෙස තේරී පත් වුණත් බිලියන ගණන් මුදල් සංසරණය වන ක්‍රිකට් ආයතනයේ එවැනි භාරදූර කාර්යයක් කිරීමට ඔහුට කිසිදු සුදුසු කමක් නොමැති බවත් වාර්තා වෙනවා.
No comments