Friday, May 19, 2023

ක්‍රිකට් නිලවරණයට එන සාමාජිකයන්ටත් සල්ලි


ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය හෙට කොළඹ ජායික් හිල්ටන් හෝටලයේදී පැවැත්වෙනවා.


අභියාචනාධිකරණයේ ගොනු කළ පෙත්සම හේතුවෙන් ලැබූ අතුරු තහනම් නියෝගය අනුව ක්‍රිකට් බලධාරීන්ට ක්‍රීඩා පනතේ පැරණි රෙගුලාසි අනුව මෙවර නිලවරණයත් පැවැත්වීමට ඉඩ ලැබී ඇති අතර විරුද්ධ පාර්ශ්වයක් තරග නොවැදීම හේතුවෙන් සියලුම නිලතල නිතරගයෙන් පිරවෙනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

මේ අනුව හිටපු සභාපති ෂම්මි සිල්වා දෙවසරක කාලයක් වෙනුවෙන් යළි නිතරගයෙන් පත් වීමට නියමිතයි.

ප්‍රධාන නිලතල සඳහා ඩමි ඉදිරිපත් කර තිබුණත් එම නාම යෝජනා නිලවරණය ආරම්භයේදී ඉල්ලා අස් කර ගැනීමට නියමිතව ඇතත් යෝජිත පැරණි නම් දෙක තුනක් වෙනුවට අලුත් නම් කිහිපයක් ඉදිරිපත් කිරීමේ අදහසක්ද ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.

එහෙත් අප විසින් මීට පෙර වාර්තා කළ පරිදි නාම යෝජනා දීමට නුසුදුස්සන් දෙදෙනකුද නිලවරණ කමිටුව විසින් අනුමත කළ නාම යෝජනා අතර වෙනවා.

මේ අතර නිලවරණයට සහභාගි වන ක්‍රීඩා සමාජ හා දිස්ත්‍රික් හා පළාත් සංගම් නිලධාරීන්ට රු.10,000/= සිට රු.15,000/= බැගින් දැනටමත් ගෙවා ඇතැයිද වාර්තා වෙනවා. ක්‍රිකට් නිලවරණය සඳහා සහභාගි වන සාමාජික චන්ද සංඛ්‍යාව 147 ක් වෙනවා.

නිලවරණය අවසානයේ සුපුරුදු පරිදි ඔවුන්ට දිවා ආහාරය හා ඉහළ පෙළේ මත්පැන් සංග්‍රහයක්ද පිරිනැමීමට නියමිතයි.

No comments:

Post a Comment