• Breaking News

    මත් පැන් අල්ලස් දෙන නාකි බැඩ්මින්ටන් ලොක්කෝ - විශේෂ අනාවරණය


    බැඩ්මින්ටන් සංගමයේ හිටපු සභාපතිවරයා හිතවත් නිලධාරීන් පිරිසක් සමග එක්වී පසුගියදා ගම්පහ ප්‍රදේශයේ පුහුණු සංචිතයක් ආරම්භ කිරීමට ගොස් ගම්පහ දිස්ත්‍රික් බැඩ්මින්ටන් සංගමයේ නිලධාරින්ගෙන් පච වී පැමිණි බවක් lankasportnews වෙත වාර්තා වෙනවා.


    සංචිතය පිහිටුවීම සඳහා ගිය පිරිස අතර මෙවර නිලවරණය සඳහා හිටපු සභාපතිවරයා සමග එක්ව තරග වදින කිහිප දෙනකු හා බැඩ්මින්ටන් සංගමයට සම්බන්ධයක් නොමැති එහෙත් සභාපතිවරයා සමග නාකි බැඩ්මින්ටන් ටුවර් යන ක්‍රීඩා අමාත්‍යාංශයේ පුහුණුකරුවකුද මෙම කටයුත්තට සහභාගි වී තිබෙනවා.

    බැඩ්මින්ටන් සඳහා ජාතික සංචිතයක්වත් නැති අවස්ථාවක මොවුන් මෙසේ දිස්ත්‍රික් සංචිත පිහිටුවීමට ගොස් ඇත්තේ නිලවරණයේ දී චන්ද ලබා ගැනීමේ අරමුණින් බවයි මොවුන් චෝදනා කර තිබෙන්නේ.

    එය අවසානයේ මොවුන් පිරිස මත්පැන් සාදයකට එක්ව සිටියදී එහි පැමිණි ගම්පහ බැඩ්මින්ටන් බලධාරීන් ඔවුන්ට දොස් පවරා පිටව ගොස් තිබෙනවා.

    නාකි බැඩ්මින්ටන් වලට සම්බන්ධ ප්‍රදේශයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකුද මෙයට සහභාගි වී ඇති බව වාර්තා වෙනවා.

    No comments