බැඩ්මිටන් නිලවරණයට දුන් නාම යෝජනා වලට විරෝධතා සළකා බැලීම අද
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංගමයේ 2023 නිලවරණය සඳහා දුන් නාම යෝජනා වලට අභියෝග කරමින් සාමාජිකයන් කිහිප දෙනකු ඉදිරිපත් කර ඇති විරෝධතා සළකා බැලීම අඟහරුවාදා ( 2 ) සවස සිදු කිරීමට නියමිත බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මෙම විරෝධතා බැඩ්මින්ටන් නිලවරණ කමිටුව හා ක්‍රීඩා අමාත්‍යාංශය වෙත යොමු කර තිබෙනවා.
මෙම විරෝධතා වලට මූලික හේතුව වී ඇත්තේ සියලුම නාම යෝජනා ලබා දී ඇත්තේ ක්‍රීඩා අමාත්‍ය වරයා විසින් අලුතින් සංශෝධන ඇතුළත් කර ඉදිරිපත්කරන ලද නව ගැසට් පත්‍රයට පටහැනිව බවයි.
වයස 70 ට වැඩි හා පිට පිට දෙවතාවක් සභාපති ධූරය ඉසිලූ රොහාන් ද සිල්වා නැවත වරක් සභාපති ධූරයට නාම යෝජනා ලබා දී ඇත්තේද නව ගැසට් රෙගුලාසි වලට පටහැනිව බවයි විරෝධතා,වල දැක්වෙන්නේ.
No comments