ලංකාවේ දූෂිතම ක්‍රීඩා සංගමය වෙන්නෙ ක්‍රිකට්. මුදල් වැඩියෙන්ම ගලා එන සංගමය නිසා නිලධාරීන්ට බත් පැකට්ටුවේ සිට ටෙලිවිෂන් ඩීල් එක දක්වා කොමිස් ගහන්න අවස්ථාව තියෙනවා මේ රහ හොඳට දන්නා නිලධාරීන් ගහලාවත් පන්නන්න බැරි විදියට කූඩැල්ලො වගෙ එල්ලී ඉන්නවා.
ඊළඟට එන්නෙ පාපන්දු. ෆීෆා වලින් ලැබෙන ඩොලර් අවභාවිතා කරන්නට ඕනෑ තරම් එතන අවස්ථාව තියෙනවා.
බැඩ්මින්ටන් වලට ලැබෙන මුදල් හා අනුග්රහයන් අඩු වුණත් මුදල් ඇති අයකු එහි සභාපති වීමෙන් පසු සෙසු නිලධාරීන් වවාගෙන කන්න පටන් අරන් තියෙනවා.
මේ දවස් වල බණ්ඩාරවෙල පැවැත්වෙන අවුරුදු 17 න් පහළ දීප ව්‍යාප්ත බැඩ්මින්ටන් තරගාවලිය පාසල් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා දෙමවිපියන්ට ප්‍රශ්න රැසක් අත් කර දුන් තරගාවලියක් බවට පත්ව ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ තරගාවලිය සඳහා කාණ්ඩ හතරකින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් දහසක් පමණ සහභාගි වුණු අතර ඔවුන්ගෙන් සමහරුන්ට බණ්ඩාරවෙල ශා.තෝමස් විද්‍යාලයේ නවාතැන් පහසුකම් සලසා දී තිබුණා.
තරග පැවත්වුණෙත් ඒ විදුහලේමයි.
ඒත් බොහෝ පාසල් වලින් පැමිණි සිසුන් හා ගුරුවරුන් ඒ අවට හෝටල් වල නවාතැන් ගෙන තිබෙනවා.
ඒ සඳහා ඔවුන් ඉහළ මිළ ගණන් ගෙවා තිබුණු අතර එහි ගියාට පසු කාණ්ඩ දෙකක තරග බදුල්ලට ගෙන ගිය බව පාසල් බැඩ්මින්ටන් නිලධාරීන් විසින් කරන ලද හදිසි දැනුම් දීමෙන් ඔවුන් පුදුමයට පත්ව තිබෙනවා.
බණ්ඩාරවෙල සිට බදුල්ලට බස් වලින් යාමට තවත් අමතර මුදලක් වියදම් කරන්න සිදුවීමෙන් ඔවුන් බලවත් අපහසුතාවට පත්ව තිබෙන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මීට අමතරව තරගාවලියට ඇතුලත්වීමේ ගාස්තුව ලෙස එක් පාසල් කණ්ඩායමකින් රුපියල් 2,500/= සිට 5,500/= දක්වා මුදලකුත් මොවුන් අය කරනවා.
මේ තරග අතර තුර පාසල් සංගමයේ සියලුම සාමාජිකයන් දැනුවත් නොකර හොර රහසේ තෝරා ගත් ගුරුවරු පිරිසක් සමග පාසල් බැඩ්මින්ටන් සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමත් පවත්වා ඔවුන්ම යළි නිල තල වලට තෝරා පත් කර ගෙන තිබෙනවා.
මෙහිදී හිටපු ලේකම් වරයකු තම පෙම්වතිය සමග අතුරුදන් වී ඇති බවත් වාර්තා වෙනවා. මව් සංගමයේ නිලධාරීන් නාකි බැඩ්මින්ටන් ප්‍රමෝට් කරද්දී පාසල් සංගමය පාසල් ක්‍රීඩකයන්ට ක්‍රීඩාව එපා කරවන තාලේ තරගාවලි සංවිධානය කරන බව දෙමව්පියන් පවසනවා.
සබැඳි පෙර ලිපිය
No comments:
Post a Comment