ක්‍රිකට් පරිපාලනයේ අක්‍රමිකතා හා දූෂණ රැසක් ඉදිරියේදී හෙළිදරව් වන්නට නියමිත බව lankasportnews වෙත වාර්තා වෙනවා.
විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා එහි යන ලද නඩය වෙනුවෙන් වියදම් කර ඇති ආකාරය වෝහාරික විගණනයෙන් හෙට අනිද්දා හෙළිදරව් වීමට නියමිතයි.
මීට අමතරව මධ්‍යම, උතුරු මැද හා බස්නාහිර පළාත් සංගම් වල විවිධ රැකියා තනතුරු නිර්මාණය කරමින් ලක්ෂ ගණන් වැටුප් ගෙවන ඒ ඒ පළාත් සංගම් වල ප්‍රධාන තනතුරු හොබවන නිලධාරීන් පිළිබඳවද තොරතුරු රැසක් අනාවරණය වී තිබෙනවා.
ක්‍රීඩා ඇමතිවරයා විසින් ඉදිරියේ ගැසට් කරන්නට යන තවත් සංශෝධනයක් මගින් මූල්‍ය වංචා සිදුකොට ඇති අයට හා අයථා ලෙස මුදල් උපයාගෙන ඇති ක්‍රීඩාවට සම්බන්ධ නිලධාරින්ට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සොයා බලා නඩු පැවරීමටද නියමිත බවත් වාර්තා වෙනවා.
මේ අනුව විශේෂයෙන් කෝටි ගණන් වල ඉඩම් මිළදී ගෙන ඇති, කෝටි ගණන් වටිනා වාහන මිළදී ගෙන ඇති හා සුඛෝපබෝගී නිවාස හදා ඇති,නීති කටයුතු වලට කියා කෝටි ගණනක් ලබා ගෙන ඇති ඇතැම් ක්‍රිකට් නිලධාරින් පිරිසක් මේ වන විට බියට පත්ව සිටින බවත් වාර්තා වෙනවා.
පාපන්දුවේද මෙවැනි තවත් නිලධාරින් කිහිප දෙනකු මේ අතර සිටින බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.
No comments:
Post a Comment