• Breaking News

    නෙට්බෝල් තේරීම් ජාතික තේරීම් කමිටුව ඇඟිලි ගැසීමෙන් අවුලෙන් අවුලට


    කොරියාවේ පැවැත්වෙන යොවුන් ආසියානු නෙට්බෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම තේරීම විහිළුවක් බවට පත්ව ඇති බව lankasportnews වෙත වාර්තා වෙනවා.


    නෙට්බෝල් සංගමය විසින් මෙම තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම පුහුණුකිරීම සඳහා තෝරා ගෙන ඇති කුරුණෑගල ප්‍රදේශයේ පුහුණුකාරිනිය තමන්ව පුහුණු කළ පාසල් කණ්ඩායමේ ක්‍රීඩිකාවන් ජාතික කණ්ඩායමට රිංගවා ගැනීමට දරණ උත්සාහය නිසා තේරීම් අවුලෙන් අවුලට පත්ව ඇති බවයි අප වාර්තාකරු පවසන්නේ.

    ජාතික තේරීම් කමිටුව මගින් තෝරා ඇති ක්‍රීඩිකාවන් ගැන තමන් අසතුටු බවත් තේරීම් නැවත කළ යුතු බවත් ඇය ජාතික තේරීම් කමිටුවට හා නෙට්බෝල් සංගමයට කේලාම් කීම හේතුවෙන් ජාතික තේරීම් කමිටුව පසුගියදා විහිළු සහගත නැවත තේරීමක් සිදු කරන ලෙස නෙට්බෝල් තේරීම් කමිටුවට දන්වා තිබෙනවා.

    මෙම තේරීමේදී නෙට්බෝල් තේරීම් කමිටු නිලධාරිනියන් තිදෙනා එකට නොහිඳුවා ඈතින් අසුන් ගෙන තේරීම් කරන ලෙස දන්වා ඇති ජාතික තේරීම් කමිටුව නෙට්බෝල් ජාතික තේරීම් කමිටුවේ ගෞරවය බින්දුවට දමා ඇති අතර නැවත නැවත තේරීම් කරන ලෙස දන්වා සිටීම හේතුවෙන් නෙට්බෝල් තේරීම් කමිටුව ඉල්ලා අස්වීමට නියමිත බවද lankasportnews වෙත වාර්තා වෙනවා.

    ජාතික තේරීම් කමිටුවේ සභාපති ධූරය උසුලන්නේ හිටපු යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වායි. තේරීම් සඳහා ඇඟිලි ගසමින් තේරීම් ගොන්පාට් ක්‍රමය හඳුන්වා දෙන්නේ ජාතික තේරීම් කමිටුවේ අර්ජුන ප්‍රනාන්දු බවයි වාර්තා වන්නේ.

    කෙසේ වෙතත් ක්‍රීඩා ඇමති වරයාත් ජාතික ක්‍රීඩා සභාවත් මේ ගොන්පාට් ඉදිරියේ නිහඬ පිළිවෙතක් අනුගමනය කරන බවත් නෙට්බෝල් නිලධාරින්ද කණ්ඩායම කෙසේ වෙතත් සංචාරයේ යාමට පොරකමින් සිටින බවත් වාර්තා වෙනවා.

    මේ අතර ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදීන්ද දෙපිල බෙදී මේ ගැන ඒකපාර්ශ්වීය ලෙස වාර්තා කරන බවත් අප වාර්තාකරු පවසනවා. මේ මාධ්‍ය කරුවන් ගැනත් ඉදිරියේදී හෙළිදරව් කිරීමට අප සූදානම්.

    සබැඳි පෙර ලිපිය


    No comments