ශ්‍රී ලංකාවේ බැඩ්මින්ටන් ක්‍රීඩාවත් ක්‍රිකට් ,පාපන්දු වගෙම වළපල්ලට ගිහින්. Lankasportnews මේ බව කියන්නෙ වගකීමකින් යුතුවයි.
බැඩ්මින්ටන් වලට අරක් ගෙන හිටපු කස්ටම් ගෝතයා නිශාන්ත ජයසිංහ එලවලා කෝටිපති ව්‍යාපාරික රොහාන් ද සිල්වා එහි සභාපති ධූරයට පත් කරද්දි බැඩ්මින්ටන් ක්‍රීඩකයො හිතුවෙ දැන් බැඩ්මින්ටන් ක්‍රීඩාව නග්ගල ගනීවි කියලයි.
ඒත් අවුරුදු හතරක් ගෙවිල රොහාන්ගෙ ධූර කාලෙ ඉවර වෙන කොට ජාතික සංචිතයත් නැති කරල මාස ගානක් වෙනවා.
ඉතුරු වෙලා හිටපු දක්ෂ තරුණ ක්‍රීඩක ක්‍රීඩිකාවොත් රට ඇරල ගිහින්.
මීට ටික කලකට කලින් නිලූක කරුණාරත්න වගෙ ක්‍රීඩකයො ජාත්‍යන්තර ශ්‍රේණි ගත කිරීම් වල පනහටත් අඩුවෙන් හිටියත් අද එකසිය පනහ ඇතුලෙවත් ක්‍රීඩකයෙක් නැහැ.
ජාතික තරගාවලි පවත්වන්නෙත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් මුදල් අය කරලයි.
හෙට අනිද්දා නුවරඑළියෙ පවත්වන්න යන තරගාවලියක ජයග්‍රාහකයන්ට මුදල් තෑග්ගක්වත් නොදෙද්දි හැත්තෑවෙන් ඉහළ තරග වඩින නාකි ක්‍රීඩකයන්ට මුදල් තෑගිත් දෙන්න යනවා.
ජාතික මට්ටමේ බැඩ්මින්ටන් ක්‍රීඩාව වළපල්ලට ගියත් වළපල්ලට යන්න බලන් ඉන්න නාකි හම්පඩයන්ට නම් රොහාන්ගේ පාලන සමයේ හොඳ කලක් උදා වී තිබෙනවා.
හැත්තෑව පැනලත් ජොලියට බැඩ්මින්ටන් ගහන රොහාන් ලෝකෙ වටේ තියෙන ප්‍රවීණයන්ගෙ තරගාවලි වලට අතින් වියදම් කරන් යන්නෙ ඔහු වටේ ඉන්න පනහ පැනපු ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිවරක් එක්කයි.ඔවුන්ගෙ වියදමුත් දරන්නෙ රොහාන්.
නාකි ක්‍රීඩිකාවො එක්ක රට සවාරි යන රොහාන් චූටි ක්‍රීඩිකාවො එක්ක හිමීට මෙහෙ සැපක් ගන්න බව වාර්තාවෙනවා.
මෙවැනි එක් ක්‍රීඩිකාවකට තම ලේකම්වරියක් ලෙස රැකියාවකුත් දී තිබෙනවා.
ඇති තරම් මුදල් තිබුණත් මෝටර් රථ ධාවනයේ යෙදෙමින් එම සංගමයේද කලක් කටයුතු කර ඉන් විසි වුණු පසු සල්ලිකාරයන් නැති බැඩ්මින්ටන් ක්‍රීඩාවට රිංගා ගත් රොහාන් බැඩ්මින්ටන් සංගමයේ සාමාජික දිස්ත්‍රික් සංගම් නිලධාරීන් තමන්ගේ අලුතින් ඉදිකළ කොළඹ හතේ සුපිරි නිවසට ගෙන්වා කන්න බොන්න හා අතට මුදලුත් දී යවන බව lankasportnews වෙත වාර්තාවෙනවා.
ක්‍රීඩා ඇමතිවරයාගේ නව සංශෝධිත ගැසට් පත්‍රයට අනුව රොහාන්ට නැවත තරග වැදීමට නොහැකි වුණත් එයට විරුද්ධව ක්‍රිකට් බලධාරීන් උසාවියෙන් රැගෙන ඇති තාවකාලික වාරණ නියෝගයෙන් ප්‍රයෝජන ගෙන නැවත වරක් සභාපති ධූරය සඳහා තරග වදින්න ඔහු සූදානම් වෙනවා.
මීට කලින් මේ සඳහා තම හිටපු බෑණා වන දිනේෂ් ජයවර්ධන ඉදිරිපත් කිරීමට සූදානමින් සිටියත් මෙවර නාමයෝජනා සඳහා නැවත වරක් ඔහු ඉල්ලුම් කර ඇති බවත් බැක් අප් එකක් ලෙස දිනේෂ්වද නම් කර ඇති බවත් වාර්තා වෙනවා.
බැඩ්මින්ටන් ව්‍යවස්ථාව අනුව රොහාන්ගේ හිටපු බෑණා වන දිනේෂ්ටත් නාම යෝජනා දෙන්න හැකියාවක් නොමැති බවත් ඒ සඳහා ජාතික තරගාවලියක දෙවරක් ක්‍රීඩා කළ යුතු වුවත් ඔහු ක්‍රීඩා කර ඇත්තේ එක්වරක් පමණක් බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ සැලසුම වෙනුවෙන් පසුගිය සතියේ සාමාජික සංගම් දහයක් තම කොළඹ හතේ සුපිරි නිවසට ගෙන්වා කන්න බොන්න දී එක් සංගමයකට ලක්ෂ 12 බැගින් අල්ලස් ලබා දී තිබෙනවා.
පිට පළාත්වල සංචිත පිහිටුවීමට කියමින් අතින් වියදම් කරමින් හෙලිකොප්ටර් සවාරි යන රොහාන් තම නිවසේ වැඩි හරියක් පදිංචිව සිටින සංගමයේ හෙංචයියන් කිහිප දෙනාද එම සවාරිවල රැගෙන යාම සිරිතක්.
ප්‍රාදේශීය සංචිත හදන්න යන රොහාන්ට මාස ගණනක් මුළුල්ලේ ජාතික සංචිතයක් හදන්න බැරි වෙලා තිබීම හිනාවට හේතුවක්.
බැඩ්මින්ටන් වල යථා තත්ත්වය හෙළිදරව් වීම ජරාව දී සියලු මාධ්‍ය වලින් වළක්වා ඇති අතර *මව්බිම* පමණක් යම්තාක් දුරට පෙන්වා දෙනවා.
රාජපක්ෂලාගේ හොඳම හිතවතකු වූ රොහාන්ට නාමල්ගේ සහාය හොඳින් ලැබුණු අතර වත්මන් ක්රීඩාඇමතිවරයාගේද සහාය නොමඳව ලැබෙන බවත් වාර්තා වෙනවා.
හරිනම් ක්‍රීඩා ඇමතිවරයා රග්බි, ක්‍රිකට් හා පාපන්දු ක්‍රීඩා වළපල්ලට ගොස් ඇති බව කියමින් ඒවායේ පරිපාලකයන්ට එරෙහිව අවි අමෝරද්දී වළපල්ලට ගොස් තිබෙන බැඩ්මින්ටන් ක්‍රීඩාව ගැනද වහා සොයා බැලිය යුතුයි.
සභාපතිවරයා තමන් වටේ ඉන්නා නාකි බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් බලා ගත්තාට ලාංකීය බැඩ්මින්ටන් අනාගතය වන දක්ෂ යොවුන් ක්‍රීඩකයන් රැක බලා නොගන්නේ නම් බැඩ්මින්ටන් ක්‍රීඩාවේ අනාගතය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ.
ක්‍රිකට් හා පාපන්දු වල ඉන්න පරිපාලකයන් ඉන් කෝටිපතියන් බවට පත් වෙද්දී කෝටිපතියන් ලෙස පැමිණ බලයේ රැඳී සිටීමට මුදල් වියදම් කරන පරිපාලකයන් ගැනද ක්‍රීඩා ඇමතිවරයා වග බලා ගත යුතු වෙනවා.
ඒ අදාල ක්‍රීඩාවද බල්ලට යාම නැවැත්ව්ය යුතු නිසයි.
මේ අතර එංගලන්තයේ පැවති වයස්ගත ක්‍රීඩකයන්ගේ බැඩ්මින්ටන් තරගාවලියකට සහභාගි වූ ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් එහිදී බැඩ්මින්ටන් සභාපතිගේ ඇට මිරිකන එක්තරා ක්‍රීඩිකාවක් විශිෂ්ට දස්කම් දක්වමින් කේවල හා යුගළ රන් පදක්කම් දිනූ බවට මෙරට මාධ්‍ය කිහිපයක ලොකුවට පළ කර තිබෙනවා.
බැඩ්මින්ටන් ප්‍රධානියකු විසින් එවන ලද වාර්තාවක් කිසිදු සොයා බැලීමකින් තොරව මෙම මාධ්‍යකරුවන් පළ කරද්දී එංගලන්තයෙන් ලැබුණු වාර්තාවකට අනුව lankasportnews වෙත දැන ගන්න ලැබුණේ ඇය සහභාගි වූ තරග ඉසව් සඳහා සහභාගි වී ඇත්තේ ක්‍රීඩිකාවන් තිදෙනෙකු පමණක් බවයි.
He spend his own money , so what ? If young payers can’t play badminton despite all the facilities given what he can do about it
ReplyDelete