Thursday, April 27, 2023

ක්‍රිකට් බලධාරීන්ගේ අලුත්ම මාධ්‍ය මෙහෙයුම


ක්‍රිකට් ආයතනයේ පේ රෝලයේ හෙවත් පඩි ලයිස්තුවේ ඉන්නා ලංකාවේ ජඩමාධ්‍යවේදීන් ලවා පුවත් ප්ලාන්ට් කිරීමේ මෙහෙයුමක් ක්‍රිකට් ආයතනය මගින් අරඹා ඇතැයි lankasportnews වෙත වාර්තා වෙනවා.


අලුත්ම මෙහෙයුම වී ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා සමග පවතින විරසකය හා වෝහාරික විගණනය ඔස්සේ හෙළිදරව් වෙතැයි අපේක්ෂා කරන දූෂණ හා අක්‍රමිකතා අනුව ක්‍රිකට් සඳහා අතුරු කමිටුවක් පත් කරතැයි බියෙන් අයි.සී.සී ය ඊට විරුද්ධ බවට බොරු පුවත් පැල කිරීමයි.

මේ සඳහා ක්‍රිකට් බලධාරීන්ගෙන් අත යට වැටුප් ගන්නා මාධ්‍යවේදීන් කිහිප දෙනකු යොදා ගෙන ඇති බව වාර්තා වෙනවා.

මීට පෙරද ලංකාවේ ක්‍රිකට් වලට දේශපාලන අත පෙවීම් සිදු කෙරෙන බව සොයා බැලීමට ආසියානු සම්මේලනයේ සභාපති වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කළ බවටද බොරු පුවතක් මෙම මාධ්‍යවේදීන් ලවා පළ කර ගැනීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කළා.

No comments:

Post a Comment