ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟ පන්දු පුහුණුකරු පියල් විජේතුංගගේ කෙරුවාව ගැන මීට පෙර අපි lankasportnews හි සඳහන් කෙරුවා.
ගාලු තණ තීරුවේ මිස වෙනත් තණතීරුවක කඩුලු දවා ගත හැකි දඟ පන්දු යවන්නන් පුහුණු කළ නොහැකි අතිශයින්ම අසාර්ථක පුහුණුකරුවකු වූ ඔහු අයර්ලන්තය සමග ගාල්ලේදී ලකුණු දමා ගනීවි යැයි අප එහි කී පරිදිම පළමු ටෙස්ට් තරගය නිම වුණා. එහිදී ප්‍රභාත් හා රමේෂ් කඩුලු දවා ගන්නා විට ක්‍රීඩාගාරයෙන් පිටත පැමිණ කැමරාවට හසු වන්න ෂෝ දැමූ ඔහුට දෙවෙනි ටෙස්ට් තරගයේ අපූරු වැඩක් වුණා.
අයර්ලන්තය මුල් දිනයේදී කඩුලු 4 කට ලකුණු 300 ක් රැස් කර තිබියදී දිනය නිමාවී පවත්වන මාධ්‍ය හමුවට එව්වේ පියල්වයි.
මෑත කාලයේ ඒ තරම් නාගත් අවස්ථාවක් දකින්න ලැබුණෙ නෑ.
කණ්ඩායමේ දඟ පන්දු යවන පුහුණුකරු හැටියට ඔහු කීවේ රමේෂ් මෙන්ඩිස් හරියට පන්දු නොයවන බව හා ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්වේ වැරැද්දක් ඇති බවයි. එම වැරැද්ද දැන් මාස ගණනක් මුළුල්ලේ තිබෙන බවත් ඔහු කිව්වා.
රමේෂ්ගේ පුහුණුකරු ඔහු නම් එම වැරැද්ද හදා දෙන්න තමන්ගේ නොහැකියාව හැංගූ පියල්ට අඩුම ටෙස්ට් තරග සංඛ්‍යාවකදී ( 10) ටෙස්ට් කඩුලු 50 ඉක්මනින්ම දවා ගත් පන්දු යවන්නා රමේෂ් බවත් අමතක වුණා.
මුරලිටත් කලින් එම දස්කම දැක්වීමට හැකි වූ රමේෂ් දැන් හරියට පන්දු නොයවන්නේ නම් ලක්ෂ 10 ක පමණ වැටුපක් ලබමින් තරග අතර කකා බිබී සිටින ගමන් තමන් රැකියාව හරියට කරන්නේද යන්න තමන්ගෙන්ම විමසිය යුතුව තිබෙනවා.
ටෙස්ට් තරග එකක් පමණක් ගසා ලකුණු සියයකට කඩුලු දෙකක් පමණක් දවාගෙන මහේල හා මුරලිට පිං සිද්ධ වෙන්න නැවතත් හයි පර්ෆෝමන්ස් එකට රිංගා ගත් පියල් වැනි පිංබතෙක් මාධ්‍ය අමතන්න එවා තවත් නා ගන්නා අයුරු මේ දිනවල සමාජ මාධ්‍ය වල දකින්න ලැබෙනවා.
ක්‍රීඩා ලෝලීන්ටදැක බලා ගන්න ඉන් කිහිපයක් මෙහි අමුණා තිබෙනවා.
No comments:
Post a Comment