Sunday, April 23, 2023

ක්‍රිකට් නිලවරණයේ අනුමත නාම යෝජනා අතර නුසුදුස්සන් දෙදෙනෙක්


මෙවර ක්‍රිකට් නිලවරණය සඳහා ඉදිරිපත් කර ඇති නාම යෝජනා දෙකක් එහි නිලවරණ කමිටුව විසින් අනුමත කර ඇත්තේ කුමන පදනමක් යටතේද යන්න ඇතැම් සාමාජික ක්‍රීඩා සමාජ වල කතා බහට ලක්ව තිබෙනවා.


ක්‍රිකට් ව්‍යවස්ථාවේ 7 (h) අනුව වසර 15 ක් තුළ වසර 2 ක් විධායක සභාවේ හෝ විශේෂ කමිටුවක සේවය කර නොමැති නම් විධායක සභාවේ ප්‍රධාන නිලයකට ඉදිරිපත් විය නොහැකි වනවා.

එහෙත් මෙවැනි සුදුසුකමක් නොමැති නිසිත රූපසිංහ හා කුමාර හැළඹගේ නම් දෙදෙනා ප්‍රධාන නිලතල වලට ලබා දී ඇති නාම යෝජනා භාර ගැනීමෙන් නිලවරණ කමිටුව විශාල වරදක් කර තිබෙනවා.

ක්‍රිකට් ව්‍යවස්ථාවේ 7 ( 9 ) අනුවත් හැළඹගේ නුසුදුස්සකු වෙනවා.

එම වගන්තියේ කියවෙන්නේ තම පුත්‍රයකු ජාතික පිලේ සාමාජිකයකු නම් නිලවරණයකට ඉදිරිපත්විය නොහැකි බවයි.

එහෙත් හැළඹගේ ගාලු දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසත් එහි තේරීම් කමිටු සභාපති ලෙසත් කටයුතු කරන අතර තම පුත්‍රයා අබුඩාබිහි පැවැති තරගාවලියක අවුරුදු 19 න් පහළ ජාතික පිලේ ක්‍රීඩකයකු ලෙස ක්‍රීඩා කර තිබෙනවා.

එම සංචාරයටද සහභාගි වී ඇති හැළඹගේ අසාර්ථක වද්දීත් තම පුත්‍රයා සියලුම තරග වල ක්‍රීඩා කිරීමට පුහුණුකරුවන් හා කළමනාකරුට බලපෑම් කර ඇති බවත් lankasportnews වෙත වාර්තා වෙනවා.

ගාල්ලේ පැවැත්වෙන ටෙස්ට් තරග වල පුටු හා ටෙන්ට් කුලියට ගැනීමේ කොන්ත්‍රාත් පවා කරනු ලබන්නේ මොහු බවත් ගාලු දිස්ත්‍රික් සංගමයේ බලතල යොදා ගනිමින් එහි සියලු කොන්ත්‍රාත් කටයුතු කරන බවත් වාර්තා වෙනවා.

No comments:

Post a Comment