ක්රිකට් ආයතනයේ හයි පර්ෆෝමන් සෙන්ටර් හෙවත් ඉහළ තාක්ෂණ අංශයේ ලොක්කා වන ඕස්ට්ර්ර්ලියානු ජාතික ටිම් මැකක්ස්කිල් නම් සුද්දා ඔහු යටතේ සිටින දක්ෂ පුහුණුකරුවන් කපා දමා ඔහුට පන්දම් අල්ලන පුහුණුකරුවන් උඩට ගන්නා කැත වැඩක් කරන බව lankasportnews වෙත වාර්තා වෙනවා.
මේ සඳහා මහේල ජයවර්ධනද ඔහුට උපදෙස් දෙන බවත් තම රැකියාව ඩොලර් 14,000 ක් ලෙස ඉහළ දමා වසරකට දික් කර දුන් මහේල කියන ඕන දෙයක් කරන බවත් වාර්තා වෙනවා.
ඉදිරියේ ජපානයේ සංචාරයක නිරත වන 23 න් පහළ කණ්ඩායමේ පුහුණුකරුවන් ලෙස පිතිකරණ පුහුණුකරුවන්ම තිදෙනෙක් මොහු විසින් පත් කර ඇති අතර පැවැත්වූ ජාතික ලීග් තරගාවලි වල දඹුල්ල කණ්ඩායමේ පුහුණු කරු වූ උපුල් චන්දන වැනි දක්ෂ පුහුණුකරුවන් කපා දමා තිබෙනවා.
මීට පෙරද මෙම තනතුරටම එංගලන්තයෙන් රැගෙන ආ සයිමන් විලිස් නම් සුද්දා හයි පර්ෆෝමන්ස් කා දමා අපහු ගිය බව එහි පුහුණුකරුවන් lankasportnews වෙත පැවසුවා.
හැම විටම පුහුණුකරුවන්ගේ අඩුපාඩු පුරවන්නට යොදා ගන්නා යන එන මං නැති අසාර්ථක හා යල්පැනපු පුහුණුකරුවකු වන රොමේෂ් රත්නායකව මොහු කාන්තා ජාතික කණ්ඩායමේ පුහුණුකරු ලෙස නැවත පත් කර ඇති අතර එහි සහය පුහුණුකරු ලෙස හොඳ සේවයක් කරමින් සිටි ලංකා ද සිල්වා ඉන් ඉවත් කර තිබෙනවා.
කාන්තා කණ්ඩායමේ ඉන්නා තවත් දක්ෂ සහාය පුහුණුකරුවකු හෙට අනිද්දා බංග්ලාදේශ කාන්තා පිලට එක්වීමටද නියමිතයි. මීට මාස දෙකකට පෙර ශ්රී ලංකා කාන්තා කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කළ හෂාන් තිලකරත්න බංග්ලාදේශ කාන්තා පිලේ පුහුණුකරු ලෙස එහි ගියේද මේ සුද්දා සමග වැඩ කළ නොහැකි නිසයි.
No comments:
Post a Comment