Wednesday, April 19, 2023

මාතලේ ක්‍රිකට් වවාගෙන කන හේවායා


ක්‍රිකට් ක්‍රීඩාවට රිංගා ඇති පදම් මුදල් ගසා කන ඉහළ පෙළේ නිලධාරීන් කිහිපදෙනකු ගැන මීට පෙර lankasportnews හෙළිදරව් කළා.


මෙවර අප හඳුන්වා දෙන්න යන්නේ මාතලේ පැත්තෙ ඉන්න තවත් එවැනි හොරෙක් ගැනයි.

ක්‍රිකට් ආයතනයෙ මැච් රෙෆරි තනතුරක් ලබා ගෙන මෙරටට එන ඇතැම් ජාතික කණ්ඩායම් වල ලයිසන් ඔෆිසර ලෙස කටයුතු කරන මේ නිලධාරියා පුංචි හේවායෙක් කියල හැඳින්වෙනවා.

ඔහු කලක් මුළුල්ලේ මාතලේ ක්‍රිකට් ඇකඩමියක්ද පවත්වාගෙන යන අතර දෙමව්පියන්ගෙන් අසාධාරණ මිළගණන් අය කර දරුවන් ඉන්දියාවේ තරග සංචාර වල ගෙන යාමත් සිදු කළා.

ඒ අතර රේගුවට හොරෙන් ක්‍රීඩකයන්ගේ ගමන් මලු තුළ බහා ක්‍රිකට් බඩු රැගෙන විත් විකිණීමේ ජාවාරමක්ද සිදු කරන බව මාතලේ ක්‍රිකට් දෙමව්පියන් පිරිසක් lankasportnews වෙත පැවසුවා.

මොහුගේ අලුත්ම ජාවාරම වී ඇත්තේ මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් සංගමය මගින් සංවිධානය කරන කනිෂ්ඨ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලි සඳහා ක්‍රීඩකයන් තෝරා ගන්නේ තම ඇකඩමියට එන ක්‍රීඩකයන්ගෙන් බව පවසමින් දෙමව්පියන්ට වට්ස් ඇප් පණිවුඩ යැවීමයි.

මේ සඳහා මාතලේ දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුද මොහුට සපෝට් කරන බව වාර්තා වෙනවා.

මීට අමතරව මාතලේ දිස්ත්‍රික් සංගමයේ ඉහළ පෙළේ නිලධාරියකුද තමන්ගේ සාක්කුවේ සිටින බවක් මොහු සැමට අඟවමින් කටයුතු කරන බවද වාර්තාවෙනවා.

මේ නිලධාරියා හා මොහු මාතලේ එකම පාසලක ආදි සිසුන් බවද කියවෙනවා.

මොහු විසින් දෙමව්පියන්ට යවන ලද වට්ස් ඇප් පණිවුඩයක් මෙහි දැක්වෙනවා.


No comments:

Post a Comment