• Breaking News

    තාක්ෂණ කමිටුවේ ඉඳිමින් මහරූෆ් විස්තර විචාරයේත්


    ශ්‍රී ලංකාව හා ඇෆ්ගනිස්තානය අතර ඊයේ ( 16 ) ගාල්ලේදී ආරම්භ කළ ටෙස්ට් තරගයේ රසල් ආනල්ඩ් හා රොෂාන් අබේසිංහ සමග ෆර්වීස් මහරූෆ් ද ජාත්‍යන්තර විස්තර විචාරයේ යෙදීම ගැන ක්‍රිකට් ක්ෂෙත්‍රයේ බොහෝ දෙනාගේ කතා බහට ලක් වුණා.


    මීට දින කිහිපයකට පෙර ක්‍රීඩා ඇමතිවරයා අතින් තාක්ෂණික කමිටුවේ සාමාජිකයකු ලෙස පත්වීමක් ලබාගත් මහරූෆ් ඊට පෙර ඔහුව ක්‍රිකට් ව්‍යවස්ථා සංශෝධන කමිටුවට පත් කළ අවස්ථාවේ තමන් ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙන බැවින් එම පත්වීම භාර ගැනීම ප්‍රතික්ෂෙප කළ අතර දැන් දෙකම කරන්නේ කොන්ෆ්ලිට් ඔෆ් ඉන්ටෙරෙස්ට් නොවන නිසාදැයි ක්‍රිකට් ප්‍රවීණයන් කිහිප දෙනෙක් lankasportnews වෙතින් විමසා සිටියා.

    මේ පිළිබඳව lankasportnews කරන ලද සොයා බැලීමකදී හෙළි වූයේ ක්‍රීඩා ඇමතිවරයාවද මුළා කරමින් සනත් ජයසූරියගේ ඉල්ලීම මත ඔහු විස්තර විචාරයේ යෙදෙන අතර මෙම පත් වීමද ලබා ගත් බවයි.

    විස්තර විචාරය අතර ශ්‍රී ලංකා ක්‍රිකට් තාක්ෂණික කටයුතු ගැන වෙනත් විස්තර විචාරකයකු මහරූෆ්ගෙන් විමසුවහොත් ඔහු තමන් විස්තර විචාර සඳහා රෙකමදාරු කළ ෂම්මි සිල්වා ප්‍රමුඛ ක්‍රිකට් විධායක සභාවට එරෙහිව ක්‍රීඩා ඇමතිවරයා වෙනුවෙන් කෙසේ පිළිතුරු දේවිදැයි lankasportsnews විමසිල්ලෙන් බලා සිටිනවා.

    ක්‍රීඩා ඇමතිවරයා විසින් සනත් ජයසූරියගේ සභාපතිත්වයෙන් යුත් තාක්ෂණික කමිටුවක් පත් කළේ පසුගිය සමයේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීම සොයා බලා ඔහුට වාර්තා කරන්නටය.

    මහරූෆ් මෙන්ම සනත් ද මේ වන විටත් මාතර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ සභාපති ලෙසත් ජාතික තේරීම් කමිටුවේ සාමාජිකයකු ලෙසත් කටයුතු කරන අතර එම තනතුරු දෙකින්ම ඉල්ලා අස්වී නොමැති බවත් වාර්තා වෙනවා.

    No comments