• Breaking News

    ගාල්ල තණතීරුවෙන් ගොඩ යන්න හදන පියල්ලා හා සිල්වර්වුඩ්ලා


    අයර්ලන්තයත් එක්ක පැවැත්වෙන ප්‍රථම ටෙස්ට් තරගය ගාල්ල ක්‍රීඩාංගණයේදී මේ ඉරිදා (16) ආරම්භ වෙනවා.


    සාමාන්‍යයෙන් ගාල්ල තණතීරුවේ අපට 75% කවත් තරග වාසියක් තියෙනවා.

    ගාල්ල තණතීරුව ටෙස්ට් තරගයකට සකස් කරන්නේ මුල් දිනයේ සිටම දඟ කැවෙන අන්දමින්.

    අයර්ලන්ත පිලත් මෙම සංචාරයේ පුහුණු තරගයක් හෝ නැතිව කෙළින්ම ගාල්ල තණතීරුවේ බිල්ලට යාමක් සිදුවෙනවා.

    ප්‍රභාත් ජයසූරිය සමග රොමේෂ් මෙන්ඩිස් අනිවාර්‍යෙන් මේ තරගයේ දඟ පන්දු යවන්නන් ලෙස ක්‍රීඩා කරන්නට නියමිත අතර ඇතැම් විට පා දඟ පන්දු යවන දුෂාන් හේමන්ත ත් ටෙස්ට් වරම් දිනා ගන්නට ඉඩ තිබෙනවා.

    පහුගිය දේශීය තරග බලන විට අපේ හොඳම වමත් දඟ පන්දු යවන්නන් තිදෙනා වන ප්‍රභාත්, ලසිත් හා ප්‍රවීන් යන තිදෙනාගේම රිදම් ගොස් සාමාන්‍ය දඟ පන්දු යවන්නන් බවට පත්ව තිබීම රහසක් නෙවෙයි.

    එහෙම උනේ පියල් විජේතුංග දඟ පන්දු පුහුණුකරු හැටියට සිටියදීයි.

    ජාතික පිලත් එක්ක සුදු පන්දුවෙන් මෙන්ම රතු පන්දුවෙන් සිදුකෙරෙන සංචාර සියල්ලටම යන සංචාරකයෙක් වන පියල් හොඳ පන්දු යවන්නන්ගේ වෙනස් කිරීම් කරන්නට ගොස් ඔවුන් කා දමන පුහුණුකරුවකු බවට ප්‍රසිද්ධ වුවත් මහේලගේ අනුග්‍රහයෙන් තවමත් දඟ පන්දු යවන්නන් කා දැමීමේ නිරත වෙනවා.

    ඔහුගේ පන්දු යැවීමේ පුහුණුවේදී ගාල්ල තණතීරුවේ පමණක් අපේ දඟ පන්දු යවන්නන් කඩුලු දවා ගත්තත් වෙනත් තණතීරු මත ඔවුන්ට පන්දුව දඟ කවන්නටවත් නොහැකි වීම කැපී පෙනෙන සිද්ධියක්.

    රස්සාවෙන් කැපී යන්න ඔන්න මෙන්න කියා තිබියදී ගාල්ල තණතීරුවේ පිට පිට ටෙස්ට් තරග දෙකක් සුද්දන් සමග ක්‍රීඩා කරන්න ලැබීම පියල්ගේ වාසනාවක් වුණත් ඉදිරියේ අපේ දඟ පන්දු යවන්නන් හදා ගන්න නම් බංග්ලාදේශය අරන් ඉන්න රංගන හේරත්ව ගෙන්න ගන්න එක ක්‍රිකට් බලධාරින්ගෙ වැඩක්.

    කණ්ඩායමේ විනය බල්ලට ගිය ඕස්ට්‍රේලියානු සංචාරයේ සිට තවමත් කළමනාකරු මහින්ද හලංගොඩයි.

    මහේල හා උප සභාපති ජයන්ත ධර්මදාස ඉන්න කල් කණ්ඩායමේ විනය බල්ලට ගියත් කළ කළමනාකරු හලංගොඩමයි.

    උදේ කෑම මේසයෙන් දවල්ට කන්න කෑම ඔතාගෙන එන විනෝදන් ජෝන් ඒ කණ්ඩායමේ කළමනාකරකීපර්නෙ
    බිංදුවට වැටී ඇති ක්‍රිකට් හදන්න නම් ගත යුතු පියවර ඕනෑ තරම් තිබුණත් ටෙස්ට් සංචිතයෙන් පැතුම් නිස්සංක වැනි පිතිකරුවෙක් හේතුවක් නොමැතිව ඉවත් කරන ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ප්‍රමුඛ තේරීම් කමිටුවත් ඉවත් කිරීමට ක්‍රීඩා ඇමතිවරයා තවමත් අසමත් ය.

    එංගලන්තයෙන් පන්නා දැමූ ක්‍රිස් සිල්වර්වුඩ් තාමත් අපේ ප්‍රධාන පුහුණුකරු ය.

    අපි පන්නා දැමූ චන්දික හතුරුසිංහ යළි බංග්ලාදේශ පිල ගොඩ දාමින් සිටියි.

    ඉතින් අපේ ක්‍රිකට් කොහොම හැදෙයිද ?


    -----------------------------------------
    ගෝල් කීපර්

    No comments