• Breaking News

    ගොන් පත් කිරීම් කළොත් ක්‍රීඩා ඇමතිත් ෆේල්


    රොෂාන් රණසිංහ ක්‍රීඩා ඇමතිවරයා ක්‍රීඩා ක්ෂේත්‍රය අරක් ගෙන සිටින ගෙවලයන් එලවීමේ දැවැන්ත සටනක යෙදෙන අතර ක්‍රීඩාව හදන්න කියා සිදු කරන ඇතැම් පත් කිරීම් නම් මෙලෝ රහක් නැති බවයි lankasportnews වෙත වාර්තා වෙන්නේ.


    රොෂාන් රණසිංහට උපදෙස් දෙන්නන්ගේ බරපතල ගැටළුවක් පවතින බවත් වාර්තා වෙනවා.

    ඇමති ධූරය භාර ගනිද්දීම පත් කරගත් උපදේශකයාත් අපූරුඋපදේශකයෙක්.
    වැස්සකටවත් දුවල නැති ඇටබෝල තබා ටීක් බෝලවත් ගසා නැති රනිල් වික්‍රමසිංහත් දැන් පැත්ත පළාතේ වැද්ද නොගන්නා සුදත් චන්ද්‍රසේකර වැන්නකු තම උපදේශකයා ලෙස පත් කර ගැනීමෙන්ම කර ගත්තේ අමු ගොන් කමක්.

    අඟේ ඉඳන් කණ කන්නකු වූ සුදත් කළේ ඇමතිට හොරෙන් ෂම්මිලා සමග ඩීල් දැමීමයි.

    අන්තිමේ ඔහුම අස්ව ගියේ ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුනටත් මඬ ගසමින්.
    ක්‍රීඩා ඇමතිවරයාට නීති උපදෙස් දෙන්නේද වැඩකට නැති පිරිසක් බවත් ඇමතිවරයාගේ නීතිඥ බිරිඳද තමන් නොදන්නා විෂයකට ඇඟිලි ගසා තවත් ජලනි කෙනෙකු වන්නට උත්සාහ කරන බවත් වාර්තා වෙනවා.

    අර්ජුන සභාපතිත්වය දරණ ජාතික ක්‍රීඩා සභාවද පැහැදිලි හා නිරවුල් තීරණ ගන්නා බවක්ද පෙනෙන්න නැති තරම්.

    ක්‍රීඩා ඇමතිවරයා පාපන්දුවේ හොර කප්පිතා වූ ජස්වර් එලවා පත් කරගන්නට සහය දුන්නේත් රංගා නම් තවත් අපතයෙකුටය.

    ඒ මදිවට ඔහු ඊයේ පෙරේදා ක්‍රිකට් තාක්ෂණ කමිටුවක්ද පත්කළේ කිසිදු සොයා බැලීමකින් තොරවය.

    එහි සභාපති කළේ දැනටත් ජාතික ක්‍රීඩා තේරීම් කමිටුවේ ඉන්නා සනත් ජයසූරියයි. ෆර්වීස් මහරූෆ්ද කමිටු සාමාජිකයෙකි. ඔහු ක්‍රිකට් විස්තර විචාරයේ යෙදෙන්නෙකි. මේ අනුව එම පත්වීම් දෙකම කොන්ෆ්ලිට් ඔෆ් ඉන්ටරස්ට්‍ ය.හරි නම් දෙන්නාම තම පළමු කටයුතු වලින් ඉවත් විය යුතුය.
    සමහරු කියන්නේ මේ කමිටුවට අඩු සියල්ල දත් ප්‍රොෆෙසර් අර්ජුන පමණි. ඔහුත් ආවේ නම් එම ගෲප් එකම හරිය.

    එල්පීඑල් තාක්ෂණ කමිටුවේ ඉන්නා නිසා චරිත් සේනානායකටද දෙකක් කරන්න බැරිය.

    ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුව කළ පිස්සු වැඩ නිසා විස්සයි විස්ස වගේම ඕවර පනහද ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ වටයට වැටී ඇත්තේය.

    ඉල්ලා අස් නොවන්නේ නම් කණින් අල්ලා එළියට දැමිය යුතු තේරීම් කමිටුවටද යළිත් හිටපු පිස්සු පූසන්වම පත් කළොත් පුදුම විය යුතු නොවේ.

    අපේ රටේ ෆුට්බෝල් ෆේල් ය . හොඳට තිබූ ක්‍රිකට්ද ෆේල් ය. සමස්ත ක්‍රීඩාවමත් ෆේල් ය. ක්‍රීඩාව හදන්න කියා ගොන් පත් කිරීම් කරන්න ගියොත් මැටි තීරණ ගන්න ගියොත් ක්‍රීඩා ඇමතිවරයාත් ෆේල් වනු නියතය.

    ගෝල් කීපර් ⚽

    No comments