ක්‍රිකට් ආයතනයේ සදාකල් රැඳී ඉන්නන් පිරිසක් ඉන්නවා. විධායක සභාවේ මෙන්ම ප්‍රාදේශීය මට්ටමෙන් ද මෙවැනි බූවල්ලන් හා ගෙවලයන් නිසා ක්‍රිකට් වල දියුණුවට වඩා වන්නේ ඒ අයගේ පෞද්ගලික දියුණුවයි.
මාතලේ පැත්තේත්, මහනුවර පැත්තේත්, මාතර පැත්තේත්, යාපනය පැත්තේත්, අම්පාර පැත්තේත්, මෙවැනි ගෙවලයන් ඉන්න බව ඒ පැති වල අය හොඳින් දන්නවා.
මහනුවර පැත්තට අරක් ගෙන ඉන්නේ එසේ මෙසේ භූතයෙක් නොවන බව මහනුවර lankasportnews වාර්තාකරු අප සමග පැවසුවා.
තම පුත්‍රයාවද පුහුණු තනතුරකට රිංගවා ගත් මොහු පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ උරුමක්කරු ලෙස හැසිරෙනවා.
පල්ලෙකැලේ පැවැත්වෙන ඕනෑම ජාත්‍යන්තර හෝ දේශීය තරග වල කෑම, බීම, හෝටල් වෙන් කෙරෙන්නේ මොහු හරහායි. ඒ මගින් එක තරගයකින් උපයන කොමිස් මුදල ලක්ෂ ගණනක්.
මේ වන විට කෝටිපතියකු බවට පත්ව සිටින මොහු දින කිහිපයකට පෙර බී.එම්.ඩබ්ලිව් මෝටර් රථයක්ද මිළදී ගත්තා. එහි වටිනාකම එක් කෝටි හතලිස් ලක්ෂයක්.
මෙහි වැඩි මුදලක් පල්ලෙකැලේ ක්‍රීඩා පිටියේ ඉදිකෙරෙන පිහිනුම් තඨාකයේ කොම්ස් මුදල් බව කන්ද උඩ රට ක්‍රිකට් නිලධාරියෙක් අප වාර්තාකරුට පැවසුවා.
මේ අතර මහනුවර ක්‍රිකට් ක්‍රීඩා සමාජයේත් අයිතිකරු වන මොහු ක්‍රිකට් ආයතනයේ නීති අමු අමුවේ උල්ලංඝනය කරමින් මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවකු තම ක්‍රීඩා සමාජයේ පුහුණුකරු ලෙස යොදවා තිබෙනවා.
මෙම පුහුණුකරු මීට පෙරද පෞද්ගලික ඇකඩමියක් හොරෙන් පවත්වාගෙන ගිය අයෙක්.
මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේද ඉදිරියේ ලොකු තනතුරකට යාමේ අදහසින් පසු වන මොහු ක්‍රිකට් සභාපති ලවා එම ක්‍රීඩා සමාජයටද ක්‍රිකට් අරමුදලින් කෝටි එකහමාරක් ලබා දුන්නේය.
මෙය ක්‍රිකට් වල සාමාජිකත්වයක් නැති ක්‍රීඩා සමාජයකට ව්‍යවස්ථා විරෝධී ලෙස ලබා දුන් මුදලක් බැවින් ඉදිරියේ විගණන දෙපාර්තමේන්තුව විසින් සොයා බැලිය යුතු කරුණක්.
මීට අමතරව මහනුවර රග්බි ක්‍රීඩා සමාජයේ ක්‍රීඩකයන් හා අභ්‍යාසක වරුන් කිහිප දෙනෙකුට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ ලක්ෂ එකහමාරේ සිට දෙක දක්වා වැටුපට රැකියා ලබා දීමත් මොහු සිදු කර තිබෙනවා. පල්ලෙකැලේ ගෘහස්ථ ක්‍රීඩාගාරයද මොහු ඉදි කර ඇත්තේ නිසි ප්‍රමිතියකින් නොවන අතර උස මදි වීම මත ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩකයන් මෙහි පුහුණුවීම් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
සාක්ෂි සමග මොවුන් ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හා ජනාධිපති ලේකම් කාර්යයාලයට පැමිණිලි රැසක් ඉදිරි දින කිහිපය තුළ ඉදිරිපත් කිරීමට මහනුවර නීතීඥයන් පිරිසක් සූදානමින් ඉන්න බව අපට වාර්තා වෙනවා.
මේ වගේ ඉතිරි කූඩැල්ලන්, ගෙවලයන් හා හොර දෙටුවන් ගැන ඉදිරියේදී ජනතාව දැනුවත් කිරීමට lankasportnews කටයුතු කරනවා.
No comments:
Post a Comment