ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සඳහා විනය මාලාවක් පවත්වාගෙන යාමට කළමනාකරු මහින්ද හලංගොඩ අසමත්ව ඇතැයි ක්‍රිකට් බලධාරීන්ට වාර්තා වී තිබෙනවා.
සාමාන්‍යයෙන් සංචාරයකදී ක්‍රීඩකයන් හෝටලයෙන් යාමට පෙර තමන් යන එන තැන් ආපසු එන වේලාවල් කළමනාකරුට දැන්විය යුතු අතර මෙම සංචාරයේ එවැන්නක් සිදු වී නොමැති බව වාර්තා වෙනවා.
කළමනාකරුද ඕස්ට්‍රේලියාවේ සිටින තම හිතවතුන්ගේ නිවෙස් වල පැවැත්වෙන රාත්‍රි භෝජන සංග්‍රහවලට ගොස් බීමතින් එළිවන ජාමයේ හෝටලයට පැමිණීම සිරිතක් කර ගෙන තිබුණු බැවින් තමන්ද සිත් සේ ලාංකිකයන්ගේ නිවෙස් වලට ගොස් පාට් දමා මැදියමේ ආපසු ඒම සිරිතක් කර ගත් බව එක් ක්‍රීඩකයකු lankasportsnews අප වාර්තා කරු මේ පිළිබඳ කරන ලද විමසීමකදී පැවසුවා.
මෙපමණක් නොව ධනුෂ්ක ගුණතිලක අත් අඩංගුවට පත් වූ සිද්ධියේදී ඔහු අදාල තරුණිය මුණ ගැසීමට ගොස් තිබෙන්නේත් කළමනාකරුට ලබා දී තිබුණු නිල රථයෙන් බවත් ඔහු පැවසුවා. සිඩ්නි පොලිසිය ධනුෂ්ක සිටි හෝටලය සොයා ගෙන ඇත්තේද එම රථයේ රියදුරාගෙන් ලැබුණු තොරතුරු අනුව බව වාර්තා වෙනවා.
මෙම සංචාරය අතර තුර ඕස්ට්‍රේලියාවේ ව්‍යාපාරිකයන් පැවැත්වූ ඔවුන්ගේ ප්‍රවර්ධන වැඩ සටහන් වලටද නායක දසුන් චානක ඇතුළු ඇතැම් ක්‍රීඩකයන් කළමනාකරුගේ අනුමැතිය අනුව සහභාගි වී තිබෙන්නේ තමන් එහි ගොස් සිටින්නේ ලෝක කුසලාන තරගාවලියකට බව අමතක කරමින්.
ඇතැම් ක්‍රීඩකයන් ඉඩ ලැබූ පමණින් ක්‍රවුන් කැසිනෝව වෙත යාම සිරිතක් කර ගෙන තිබුණු බවත් එසේ ගිය අවස්ථාවක ඔවුන් වීඩියෝ කරන්නට තැත්කළ ලාංකික තරුණයන් කිහිප දෙනෙකු සමග ගෝරියකටද පැටලුණු බවත් වාර්තා වෙනවා.
කළමනාකරු හලංගොඩ පිළිබඳව ඇති චෝදනා හේතුවෙන් නිසි විනය පරීක්ෂණයක් සිදුකර ඔහු වහාම කළමනාකරු ධූරයෙන් ඉවත් කිරීමට යන බව උසස් ක්‍රිකට් බලධාරියෙක් අප සමග පැවසුවා.
හලංගොඩගේ කළමනාකරු කොන්ත්රාත්තුවද ලෝක කුසලාන තරගාවලියෙන් අවසන් වීමට නියමිත අතර ක්‍රීඩා අමාත්‍යාංශයද මොහු පිළිබඳව වෙනම විනය පරීක්ෂණයක් පවත්වන්නට යන බව lankasportsnews අප වෙත වාර්තාවෙනවා.
No comments:
Post a Comment