• Breaking News

    ක්‍රීඩකයො හදන තැන බොරු කාරයො පිරිලා - සුද්දාගෙ පඩිය ලක්ෂ 51 යි


    තරගාවලියක ක්‍රීඩා කරන ක්‍රීඩකයන් පමණක් ඇහැ ගැහෙද්දී එළියෙ ඉන්න ක්‍රීඩකයො බලා ගන්න හැටිත් වැදගත්. මෙහිදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ තියෙන අධි තාක්ෂණික උසස් මධ්‍යස්ථානයට විශාල වැඩ කොටසක් පැවරෙනවා. 


    එහි මේ වන විට විශාල වැටුප් ලබන පුහුණුකරුවන්,අභ්‍යාසක වරුන් , පුහුණු උපදේශකයන් හා භෞත චිකිත්සකයන් රාශියක් ඉන්නවා. හරියටම  පඳුරකට පයින් ගැහුවම දුසිම් ගණන් විසි වෙනව වගේ. 


    මේ අංශයේ ලොක්කා ඕස්ට්‍රේලියන් කාරයෙක්. නම ටිම් මැක්කොක්සිල්. 

    මොහු දැන් මේ ජොබ් එකට ඇවිත් අවුරුදු දෙකක් වෙනවා. පඩිය ඇමරිකානු ඩොලර් 14,000 යි. ( රුපියල් වලින් නම් ලක්ෂ 51 ක් ).


    මොහු ප්‍රමෝට් කරපු අහසින් පාත් වුණු පුහුණුකරුවෙක් හිටියා. ඉස්කෝලයක් ක්ලබ් එකක්වත් කෝච් කරල නැති. අලි ඔලුවෙන් හිටපු මේ පුහුණුකරුවා ටිම්ගේ පිහිටෙන් ළඟදී ඕස්ට්‍රේලියාවේ ජොබ් එකකට ගියා ගහෙන් ගෙඩි එන්න වගේ. 


    අධි තාක්ෂණයක් ගැන කිව්වත් බෝලර් කෙනෙකුගේ ස්පීඩ් එක මනින්න මීටරයක් වත් එතන නැහැ කියලයි වාර්තා වෙන්නේ. 


    ඒ ටීම් එකේ පුහුණුකරු අවිශ්කත් ඉන්නෙ මෙතන උනාට ඒ පැත්තෙ එන්නෙ සතියට සැරයයි කියල අපිට දැන්නුවෙ ඛෙත්තාරාමෙ සිකුරිටි එකෙනුයි. මහේල ජයවර්ධනගෙ පිහිටෙන් එතනට ආපු ගොඩක් පුහුණුකරුවො ඔහොමයි කියල තමයි එයාල කියන්නෙ.


    මෙතන ඉන්න පුහුණුකරුවො පහුගිය ටිකේම  වැඩි හරියක් හිටියෙ සිරසෙයි. ඒ වර්ල්ඩ් කප් එකේ මැච් ගහන හැටි දිනන හැටි මිනිස්සුන්ට කියල දෙන්නයි.


    හදිසියේ ඕස්ට්‍රේලියාවෙ ඉන්න අපේ ක්‍රීඩකයො ආබාධයට ලක් වුණාම මෙහෙන් ඉල්ලන ක්‍රීඩකයො සූදානමින් තියන වැඩේ අයිති අධි තාක්ෂණ අංශයට උනාට  අයිස් ගහමින් හිටපු මේ පුහුණුකාරයො අතින් ඒ වැඩේ හරි හැටි සිදු නොවුණු බවයි වාර්තා වෙන්නෙ. 


    ගිය ගමන් මැච් එකක ඕවරයක් යවා ගන්න බැරිව ආබාධයට ලක් වුණු බිනුර ප්‍රනාන්දු ඛෙත්තාරාමෙ පුහුණුවට ඇවිත් තියෙන්නෙ එක දවසක් බව වාර්තා වෙනවා. 


    උදේ වැඩට එන්න වැඩ ඇරිලා ගෙදර යන්න වෙලාවක් තිබුණත් අධි තාක්ෂණේ උදවියට එහෙම නැති බවත් කාමරයට වැදුනම එළියටවත් නොඑන ටිම් මැක්කොක්සිල්ට ඒවා හොයන්න ඕනෙ කමක් නැති බවත් තවත් අවුරුදු දෙකකට තමන්ගේ කොන්ත්‍රාත්තුව මහේලගේ පිහිටෙන් දික් කර ගැනීම ගැන ඔහු කාමරයට වී දෙවියන්ට පින් දෙමින් සිටින බවත් වාර්තා වෙනවා. 


    ඔහුට කලින් මේ ජොබ් එකේ හිටියෙත් කෙන්ට් වල ඩ්‍රයිවර් වැඩේ කරපු සුද්දෙක්  බවත් බොහෝ දෙනා කියනවා. මේ වගේ වැඩකට නැති අධි තාක්ෂණයකින් ( High Performance ) අපේ ක්‍රිකට් වලට හිමි වන්නේ දෙවියන්ගේම පිහිට  බව ක්‍රිකට් වලට හැබැහින් ආදරේ කීප දෙනෙක්ම lankasportsnews වෙත කියා සිටියා.


    No comments