Monday, October 24, 2022

ජැස්වර් ෆීෆා රැස්වීමට ගියේ ඇමති අනුමැතියෙන්ද ?


මේ දවස් වල ක්‍රීඩා අමාත්‍යාංශයත් විහිළු සපයන තැනක් බවට පත්ව ඇතැයි ක්‍රීඩා ක්ෂේත්‍රයේ කතා බහට ලක්ව තිබෙනවා.
 


ක්‍රීඩාව ගැන කිසිවක් නොදන්නා ඇමතිවරයකු ඇමතිවරයා අන්දන නිලධාරීන් හා ඇමතිවරයාටත් හොරෙන් ඩීල් දමන ලේකම්වරයා එක්ව  ලංකාවේ ක්‍රීඩාව වළපල්ලට යවන්නට කටයුතු කරමින් ඉන්නවා. 


පාපන්දු සම්මේලනයේ දූෂිත සභාපතිවරයා ගැන lankasportsnews මීට පෙර අවස්ථා කිහිපයකදීම අනාවරණය කළා.


ඔහු ගැන අලුත්ම අනාවරණයත් lankasportsnews ගෙන එන්නෙ මෙහෙමයි.


පසුගිය සැප්තැම්බර් 22 දින ක්‍රීඩා ඇමතිවරයා විසින් නිකුත් කරන ලද අති විශේෂ ගැසට් පත්‍රයකින් පාපන්දු සම්මේලනයේ නිල කාලය අවසන් කරනු ලැබුවා. 


ඒ අනුව හිටපු නිලධාරි මණ්ඩලය නිලවරණය පවත්වන තෙක් බල රහිත වෙනවා. 


එසේනම් පසුගියදා පැවති ආසියානු පාපන්දු සම්මේලනයේ හා ෆීෆා රැස්වීම් සඳහා හිටපු පාපන්දු සභාපතිවරයා පාපන්දු සම්මේලනයේ මුදල් වියදම් කරමින් ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතියෙන් තොරව නීති විරෝධීව  සහභාගි වූයේ කෙසේද යන්න බරපතල ප්‍රශ්නයක් වෙනවා. 


මෙහිදී යම් හෙයකින් මොහුට අනුමැතිය දී තිබුණොත් ක්‍රීඩා අමාත්‍යවරයා වරදකරුවකු වෙන අතර අනුමැතියෙන් තොරව ගියා නම් හිටපු සභාපති ජැස්වර් උමාර් කර ඇත්තේ නීති විරෝධී කටයුත්තක්.


ජැස්වර් ෆීෆා නිලධාරීන් හමුවී පාපන්දු සම්මේලනයට හා ඔහුට විරුද්ධව ඇති මූල්‍ය චෝදනා ගැන සඟවා ක්‍රීඩා අමාත්‍යාංශයට දොස් පවරා ඇති අතර ඔහුට විරුද්ධව උසාවිය විසින් ලබා දී තිබුණු     නඩු තීන්දුව පවා හරි හැටි පෙන්වා දී නොතිබුණු බවත් වාර්තා වෙනවා.


මේ ගැන ප්‍රශ්න කරමින් ජැස්වර් ට හා අමාත්‍යවරයාට විරුද්ධව නඩු පැවරීමට පාපන්දු සම්මේලනයේ සාමාජික සංගම් ඉදිරියේ කටයුතු කිරීමට යන බව lankasportsnews වෙත වාර්තාවෙනවා.


No comments:

Post a Comment