විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ක්‍රිකට් ලෝකයේ අඳ බාලයෙක් වන නැමීබියාව වෙතින් අනපේක්ෂිත ලකුණු 55 ක පරාජයක් ලැබුවා. මෙය සමස්ත ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ ඉමහත් කණස්සල්ලට හේතු වී තිබෙනවා.
ආසියානු ශූරයන් ලෙස ලෝක ශූරතාවද දිනා ගනු ඇතැයි නැගුනු ආඩම්බරයෙන් යුතුව මෙල්බර්න් ජීලෝන් ක්‍රීඩා පිටියට පැමිණි මෙල්බර්න් නුවර වසන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් තරගය අවසානයේ නික්ම ගියේ ලජ්ජාවෙන් මුහුණු හංගාගෙන බව එහි සිට්න lankasportsnews අපේ වාර්තාකරු පැවසුවා.
අපේ ක්‍රීඩකයන් මෙල්බර්න් නුවරට පැමිණි දිනයේ පටන් පුහුණුවට වඩා වැඩි අවධානයක් යොමු කළේ මෙල්බර්න්හි වසන හිත මිත්‍රාදීන්ගේ නිවෙස් වල රාත්‍රි භෝජන සංග්‍රහ වලට යාමටත් රෑ බෝ වනතෙක් බඩ පුරා කමින් බොමින් සිංදු කියමින් විනෝද වීමට බවත් අපේ වාර්තාකරු පවසනවා.
මීට අමතරව නිල ඩිනර් පාටි යනාදියත් නොඅඩුව සංවිධානය කර තිබුණු අතර කණ්ඩායම සමග සිටින විශේෂඥ පුහුණුකරු මහේල පවා ඔහුගේ මිනිස්ට්‍රි ඔෆ් ක්රෑබ් කකුළු අවන්හළ ශාඛාවක් මෙල්බර්න් නුවර විවෘත කිරීම ගැන වැඩි කාලයක් යෙදවූ බවත් අප වාර්තාකරු පැවසුවා.
දිගින් දිගටම ලකුණු අතර නොසිටි ධනුෂ්ක ගුණතිලක මෙම තරගයටත් යොදා ගැනීම කාගේත් විමතියට හේතු වී තිබෙනවා.
ධනුෂ්ක මෙම තරගයේදීද මුහුණ දුන් ප්‍රථම පන්දුවේදීම දැවී ගියා.
ක්‍රීඩකයන්ට අසීමිත නිදහසක් ලබා දෙමින් ඔවුන් හෝටලයෙන් පිටත් වීම හෝ නැවත හෝටලයට එන වෙලාව හෝ කළමනාකරු මහින්ද හලංගොඩ සොයා නොබලන බවත් ඔහු මෙසේ කටයුතු කරන්නේ ක්‍රීඩකයන්ගෙන් ලකුණු දමාගෙන දිගින් දිගටම කළමනාකරු ධූරයේ රැඳී සිටීමට බවත් lankasportsnews වෙත වාර්තා වෙනවා.
මෙම තත්ත්වය දිගින් දිගටම පැවතුනහොත් ශ්‍රී ලංකා පිල නෙදර්ලන්ත තරගයත් පැරදී මෙවර ලෝක කුසලානයෙන් ඉවතට යනු ඇතැයි මෙල්බර්න් නුවර ශ්‍රී ලාංකිකයන් විශ්වාස කරනවා.
තවත් වාර්තාවකට අනුව නැමීබියා තරගය අවසානයේ මහේල ජයවර්ධන ක්‍රීඩකයන්ට හොඳ භාෂාවෙන් අමතා තිබෙනවා.
ඩුබායිහි ශ්ර්රී ලංකාවට හිතකර මන්දගාමී තණතීරු වල හොඳින් පන්දු යැවූ අපේ පන්දු යවන්නන්ට ඕස්ට්‍රේලියානු තණතීරු වල පන්දු යවන ආකාරය අපේ පන්දු යැවීමේ පුහුණුකරුවන්ට මෙතෙක් කියා දීමට නොහැකි වී තිබීමත් විමතියට කරුණක් බවයි අපේ වාර්තාකරු පවසන්නේ.
Match eka Lankawa dinanawa sure niss godak.aya ottu danna ethi.
ReplyDeleteFavorite 10:1 nam ottu allanna Dolarayak Demmoth. Hambawene dollar 11 k pamanai.
Hondai ,Lankawe bukokarayek lankawa paradinawa kiya dollar 5000k demmoth, uuta dollar ,5000x 10k hambawenawa.
Kreedakayange pawul kattiyath ehema demmoth un godae Malli.