• Breaking News

    පාසල් ක්‍රිකට් සංගම් සභාපතිගෙ කල්ල මරේ


    පසුගියදා තම පුතුන් දෙදෙනාට අවස්ථාවක් ලබා දීම සඳහා අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ වයස් සීමා වෙනස් කරන්නට කටයුතු කළ කොළඹ නාලන්දා විදුහල්පති හා පාසල් සංගමයේ සභාපති වාත්තුහේවා ක්‍රිකට් පාලක මණ්ඩලයේ අනුග්‍රහයෙන් T 20  ලෝක කුසලාන තරග නැරඹීමේ මුවාවෙන් ඕස්ට්‍රේලියා සංචාරයකට යාමට සූදානම් වන බව lankasportsnews වෙත වාර්තා වෙනවා. 


    ක්‍රිකට් පාලක මණ්ඩලයේ විධායක සභිකයකුද වීම නිසා මොහුට ව්‍යාපාරික පන්තියේ ගුවන් ටිකට් එකක් හා දිනකට ඩොලර් 450 ( රුපියල් එක් ලක්ෂ හැට දෙදහසක් ) දීමනාවක්ද   ලැබෙයි. 


    මෙසේ යන නිලධාරින් බොහෝ විට විදෙස් සංචාරවලදී නවාතැන් ගනු ලබන්නේ යහළු මිත්‍රාදීන්ගේ හෝ නෑයන්ගේ නිවෙස් වල වන බැවින් මේ මුදල ඔවුන්ගේ පොකට් මනි වෙයි.


    මේ අනුව මෙම විදුහල්පතිවරයා දෙසතියක් ඕස්ට්‍රේලියාවේ සිටියහොත් ලැබෙන මුදල රුපියල් වලින් ගතහොත් ලක්ෂ 22 ක් වන අතර මේ මුදලින් දුප්පත් පාසල් 20 කටවත් ක්‍රිකට් භාණ්ඩ ලබා දිය හැකි වීම විශේෂයි. 


    මීට පෙර පාසල් සංගමයේ ලේකම් වරයාද අවුරුදු 19 න් පහළ කණ්ඩායම සමග ඩුබායි හා කොදෙව් බලා ගොස් තිබෙනවා. 


    මෙම ලේකම් වරයා සෑම සති අන්තයකම ප්‍රමුඛ පෙළ තරගත් සතියේ දිනවල පාසල් තරගත් විනිශ්චයේ යෙදෙමින් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මාසික දීමනාවක්ද ලබයි. 


    මොහු දුරකථනයෙන් අල්ලා ගැනීමටද නොහැකි බව පාසල් නියෝජිතයන් කිහිප දෙනකු lankasportsnews වෙත පැවසුවා. 


    මෙවර T20 ලෝක ශූරතා තරග නැරඹීමේ මුවාවෙන් ක්‍රිකට් විධායක සභාවේ නලින් අපෝන්සු  ඇතුළු 8 දෙනෙකු දැනටමත් වීසා හා ගුවන් ප්‍රවේශ පත් ලබා ගෙන ඇතැයි වාර්තා වෙනවා. නලින් අපෝන්සු මීට පෙර ඩුබායිහි පැවති ලෝක කුසලාන තරග නැරඹීමටද ගිය අයකු බව වාර්තා වෙනවා.



    No comments