ක්‍රිකට් ආයතනයෙන් සංවිධානය කරනු ලබන අවුරුදු 15 න් පහළ දිස්ත්‍රික් ක්‍රිකට් තරගාවලියේ මූලික තේරීම් සියල්ල කර තිබියදී පාසල් ක්‍රිකට් සංගමයේ සභාපති වරයාගේ මැදිහත් වීම මත වයස් කාල සීමාව අඩු කිරීම නිසා එය අවුලෙන් අවුලට පත්ව ඇතැයි lankasportsnews වෙත වාර්තා වෙනවා.
මේ හේතුවෙන් දිස්ත්‍රික් ක්‍රිකට් පුහුණුකරුවන් බෙහෙවින් අපහසුතාවට පත්ව ඇති බවත් සියලුම තේරීම් යළි මුල සිට ආරම්භ කිරීමට සිදු වන බවත් මේ වන විට තෝරා ගෙන ඇති ක්‍රීඩකයන් වයස වැඩි බව කියා ඉවත් කිරීමට සිදු වීමෙන් එම ක්‍රීඩකයන් හා දෙමව්පියන්ද දැඩි ලෙස සිත් තැවුලට පත්ව ඇතැයි එක් පුහුණුකරුවකු lankasportsnews වෙත පවසා සිටියා.
වයස් සීමාව වෙනස් කිරීම නිසා අසාධාරණයට ලක්වන ක්‍රීඩකයන්ගේ දෙමව්පියන් පිරිසක් මේ ගැන අධ්‍යාපන ඇමතිවරයාට පැමිණිලි කිරීමට යන බව ඔවුන්ගෙන් කිහිප දෙනෙක් lankasportsnews වෙත පැවසුවා.
මේ අතර කොළඹ ප්‍රසිද්ධ පාසලක විදුහල්පති වන පාසල් සංගම් සභාපතිවරයා මෙම බලපෑම සිදු කොට ඇත්තේ තම විදුහලේම අවුරුදු 15 න් පහළ කණ්ඩායමේ ක්‍රීඩා කරන තම පුතුන් දෙදෙනාට තේරීමේ අවස්ථාවක් නිර්මාණය කර දීමට බවත් තතු දත් දෙමවිපියෝ අප වෙත දන්වා සිටියා.
මෙම සභාපතිවරයා පසුගියදා සියලුම පාසල් ක්‍රිකට් තරග සජීවී ලෙස නොමිලේ ආවරණය කරන ලකුණු සටහන් කරුවන්ගේ සංගමයේ නිල වෙබ් අඩවියටද වහාම එය නතර කරන ලෙස නියෝග කර ඇතැයිද වාර්තා වෙනවා.
මේ හේතුවෙන් එම තරග වල ලකුණු පුවරු දැක ගැනීමට පාසල් වලට ආදි සිසුන්ට හා දෙමව්පියන්ට අවස්ථාව මග හැරී යද්දී වෙනත් වෙබ් අඩවියකට පමණක් එය අලෙවි කිරීමට මෙම සභාපති වරයා කටයුතු කර ඇතැයි පාසල් සංගමයේම නිලධාරියෙක් lankasportsnews වෙත පැවසුවා. මෑතක පටන් මෙම විදුහල්පති සභාපතිවරයා අත්තනෝමතික ලෙස කටයුතු කරන්නට පටන් ගෙන ඇති බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසුවා.
No comments:
Post a Comment